ලෝක ගුරු දිනය......
.
අකුරු ද, ඉලක්කම්
ශිල්පය, දැන උගත්කම්
පොත පතේ විශ්කම්
හොඳ ද නරක ද යුතුකම්........
කළයුතුද, නොකළ යුතු
යුතුකම්ද, ඉටුකල යුතු
සියලු දේ දතයුතු
කියාදුන්නේ ගුරුතුමා උතු.........
දරුවන් නිසි ලෙසා
හැදුවොත් හොඳින් සකසා
ගුණ දහම් නොනසා
හොඳින් උන්ගේ... හැදෙයි, මනසා......
මනසින් උසස් වූ
මිනිසාය , සතුන්ගෙන් වෙන් වූ
නිසි මඟම පෙන් වූ
උතුම් මිනිසයි... ගුරුතුමා නම් වූ.........
-------
 
 
ගුරුවරයා යනු නව දැනුම සොයා යන උල්පතක්‌ ලෙසත්, දීප්තිමත්ව දැල්වෙන පහනක් ලෙස දහස්‌ ගණන් පහන් දල්වන,
ගුණ නැණ බෙලෙන් යුත් දරු පිරිසක් නිර්මාණය කිරීමට තම තුන් සිත දිවා රෑ වෙහෙස වන උත්තම සේවයකි.
එම මෙහෙවරට සැබෑ අරුතක් එකතුකරන ඔබ සැමට අප සැමදා ගරු කරන්නෙමු.
-------
 

 
 
ලෝක ගුරු දිනය අදයි.
කයිවාරු නැති කෙරුවාව ඇති තමන්ගේ පුහු මාන්නය හා තත්ත්වය නොපෙන්වන,උතුම් ගුරු වෘත්තිය තවත් එක් බිස්නස් එකක් නොකරගත් ලොව සිටින සියලු හදවතේ ගුරුවරුන්ට උපහාරයක්ම වේවා..!
-------
 
" ලෝක ගුරු දිනය වෙනුවෙන්..."
ලොව ශ්රේෂ්ඨටම වෘත්තීන් අතර ගුරු වෘත්තිය ඉහල කොට සලකන්නේ ලෝකයේ හා මනුස්සවර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු පදනම සකසන පුද්ගලයා ගුරුවරයා වන හෙයිනි..
ළමයෙකුට ලෝකය දකින්නට ..
ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට..
මිනිසුන් තේරුම් ගන්නට ඔබ අප හුරු කරන්නේ යම් සේද..
ගෙදර වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්න සේම,
සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයන්නේ ඔබයි..
අපගේ සමාජීය දේශපාලනයේ පලමු පාඩම බොහෝ විට ඔබගෙනි...
කොටින්ම මිනිසුන් තනන්නේ...
ඇට ලේ මස් නහර සහිත මිනිසාව,මනුස්සයෙක් කරන්නේ..
මහත්වරු,මහත්මයො කරන්නේ ඔබයි..
අද මා ලොව යම් හෙයකින් දකින්නේ නම්
ජීවිතය ජීවත් කරන්නේ නම්
වැරැද්දෙන් නිවරැද්ද තෝරා ගන්නවා නම් එහි සියලු පැසසුම් හිමිවිය යුත්තේ ඔබටයි!
කවදාවත් වයසට නොයන
කොතරම් වයසට ගියත් හැමදාම සිතින් අපිටත් වඩා තරුණ..
තමන්ට වඩා සිසුන් ඉහලට යද්දි ඒ දිහා බලා ආඩම්බර වෙන එකෙකු මෙලොව වේ නම් ඒ ඔබ පමණයි!
ආදරණීය ගුරු අම්මේ තාත්තේ.
ඔබට උපහාරයක්ම වේවා!..
--------
 
 



 
 
ජීවිතයේ එදා මෙදාතුර සෙවනක් වූ ශක්තියක් වූ සෑම ගුරුවරයෙක්ටම අද දිනය උපහාරයක් වේවා..
මා යම් තැනක අද සිටීද ඒ ඔවුන්ගේ කැපවීම හා සෙනෙහෙබර මඟ පෙන්වීම හේතුවෙනි..
දරුවන්ගේ යහ අභිවෘද්ධියට කැප වෙන සෑම ගුරුවරියකටම, ගුරුවරයෙකුටම අදට යෙදෙන ලෝක ගුරු දිනය උපහාරයක්ම වේවා..
ප.ලි. උදෑසන සිට මේ දක්වා මා අමතමින් whatsapp හරහා පණිවිඩ එවමින් අද දිනයට සුභ පැතූ ඔබ සැම මගේ නිබද ශක්තියයි පුතේ.. ජීවිතයේ යා හැකි උපරිම තලයට යෑමට ඔබට හදවතින්ම සුභපතමි..
 

 
ලෝක ගුරු දිනය
ලොව තනන ගුරුවරුන් සැමරුම අපි හැමදාම කරපු දෙයක් වගේම ගුරුවරයා දේවත්වයෙන් සැලකුයේ අනාගත පරපුර නැණවතුන් කිරීමේ ලා ඔවුන් සතු කුසලතාවය සහ කැපවීම නිරන්තර ඇගයීමට පාත්ර වූ බැවිනි. අද දින මට ශිල්ප ලබාදුන් මගේ සියලුම ගුරුවරුන් ගුරු බැතියෙන් සිහි කරමි.
 


 
ලෝක ගුරු දිනය අදයි...
අද අප ලියන අකුරක් පාසා, කියවන වචනයක් පාසා පින් අයිති වන්නේ ඔබටයි.
තමාගේ නොවන දරුවකු සාර්ථක වනු දැක සතුටු වන එකම චරිතය ඔබයි
සියළුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට දීර්ඝායු වේවා..!
------