Sinhala Birthday Wishes For Mother | Sinhala Upandina Subapathum Amma

සුබ උපන්දිනක් වේවා අම්මා!!!
********************************
නිල් දිය විලකි හදවත බෝ සිසිල දෙනා..
මනුසත් ගුණට උවමකි සඳ සිසිල මෙනා..
මව්වත්කමේ මහරුත නිති පහදවනා..
"අම්මා" ඔබයි මේ ලොව මට එකම කෙනා.
අම්මාවරු කෙතෙක් සිටියත් මෙලොව අරා..
කුස නොදැරුවත් ඔබ මගෙ මව් භවය පුරා..
පීනා කටුක දිවි මඟ මුලු සසර සරා
පසුපස එමි මව්නි නිවනින් නිවෙන තුරා..
මතු යම් බවෙක බුදු පුතෙකුට මව් වේවා!
මහ දන් දෙමින් පැතු සැනසුම හමුවේවා!
ලතැවුල් කඳුලු කිසිදින හමු නොම වේවා!
ඉපදුණු අද දිනත් කවදත් සුබ වේවා!
------
 
Happy Birthday Amma🎂🥳
A simple message for a simple mother
who always there for me . You know how
much i love you. You're the best mother
in the world. Stay healthy, no birthday wishes
greetings and message can express the
words, the amount of good heart you give.
Stay blessed and stay beautiful. Thank you
for being a good mother for me. May God
continue to blessed you, lam so blessed to
have a mother like you.
I love you! again
HAPPY BIRTHDAY❤️🎂 
------
 
සුභම සුභ උපන්දිනක් වේවා අම්මේ...
මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි
උණුහුම ඔබ විය
නුඹයි මගේ අම්මා
සඳ හාවුන් හඬනා
කළුවර රාත්රියේ
ආලෝකය දුන්
සඳකැන් ඔබ විය
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
කුණාටු සාගරයේ
රුවල් බිදුණු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගේ අම්මා
දාහය වෑහෙනා
ගිනියම් මද්දහනේ
සෙවන ඔබයි මද පවන ඔබයි
නුඹයි මගේ අම්මා
ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
මාගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ළඟයි
--------