සුබ ගුරු දිනයක් වේවා..!🙏

පායනා තරු දහස් ගානක්
අහසේ තිබ්බට නිරතුරූ...
හඳට වුව ආලෝකේ දුන්නේ
දවල් දිලෙනා තනි හිරූ...
එවන් තරුවක් ළමුන් දහසක්
පුබුදුවයි හැම ගුරුවරූ...
තුණුරුවන් ගුණ බෙලෙන් වැජඹෙන්
ශිල්ප දුන් මගේ දෙවිවරූ...

අපගේ විද්යාලයේ සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් මෙය උපහාරයක්ම වේවා..!🙏♥️ 

------

විශ්ව ගුරු දිනය.....
අල්ලට සිඟාවත් නැති එක ඇඳුම ඇඳන්
පැන මඩ කඩිති දිව එයි පොත් මිටිය බදන්
වල් කොල බිම මතට පා යුග හිමින් තබන් ඇල්මෙන් අකුරු දෙන්නට එන ගුරුන් වඳින්
පා පිස්නාවකට දැන්නම් සමයි ගුරුන්
අහු මුළු වල බැනුම් එමටයි හැමට ගුරුන්
දරුවන් පණ පුදා රකිනා මව්නි ගුරුන්
වැජඹෙනු අතිර කල් පිහිටයි දෙවිඳු සමන්
පසුගිය වසර තුන ගුරු දින නෑ ලැබුවේ
ලුනා කැලැන්ඩර් පිටු බොරුවට ඉරුවේ
සුවහස් සිසු දරුවො තනියම ඉකි බිඳුවේ
කළුවර අහසේ ගුරු දෙවිවරු නෑ දුටුවේ
යන එන ගැටලු අඩු වැඩි වශයෙන් දරුවන්
ඉඳහිට පැමිණ කර ගනුදෙනු ගැසූ රබන්
මුඛ ආවරණ පොසිටිවි වු සිසු දරුවන්
ජීවිත අනතුරට පත් ගුරුවරු සමරන්
දත්මිටි කකා රතු ඉර වදිනවට බයෙන්
බත් ටික එක මුලට බැඳගෙන හිත විරියෙන්
මත්වී නේක කොල පුරවන් පාට දියෙන්
සිත් සතුටින්ද ඔබ එන්නේ උදේ පැයෙන්
ගුරු දෙවිවරුන් හට වදිමින් උදේ හවා
නැණ ගුණ වඩන දෙන ඔවදන් හදේ හොවා
ඇල්මෙන් අකුරු කර දිවිමග දුකද නිවා
යන හැම දිනම ගුරු දිනයක් නිති වේවා...
-------
 

 
විසල් රුක් වල
මුදුන් මුල් වී
ගුණ ණැනෙන්
පොහොසත් කරන්නට,
සොඳුරු සිත් ඇති
සොඳුරු මිණිසුන්
ලෙසින් දරුවන්
ලොවට දෙන්නට,
තමන්ගේ නොවුනත්
එ'දරුවන්
තමන්ගෙම
උන් ලෙස දකින්නට,
ආදරෙන් සිප්
කිරි පොවා අප
දැඩි කරන්නට
ගත් ඒ වෙහෙසට....
උපන්දා පටන් ජීවිතය ඉගැන්වූ ආදරණීය දෙමව්පියන්ටත්, පෙරපාසලේ පටන් පාසල් දිවිය අවසන් වන තුරුත්, එතැන් පටන් මේ දක්වාත්, මින් ඉදිරියටත් යම් දෙයක් උගන්වන ගුරුවරයෙක් වේනම්,
ඒ සියළුම දෙනාට ආදරණීය ගුරු දිනයක් වේවා......❤ 
-------




"සුබ ගුරු දිනයක් වේවා...!"
(සුවහසක් දයාබර ගුරු මව්පියවරුන් වෙනුවෙන් ආදරයෙන් ❤️)
උදාගිරක සිහිල රැගෙන
විකසිත මුදු මල් පෙති මත
පිවිතුරු පිණි කැට අතුරා
පුබුදා දහසක් නිල් මිණි
එකලු කළා ජීවිතයම
නොදැනෙන්නට නොහැඟෙන්නට....
කුළුණින් පිරි හසරැල් පා
සුපුරුදු සෙනෙහස වපුරා
සුවඳ කළා ජීවිතයම
මහමෙරකට වැඩිය උසට....
නැණ මල් පෙති ඇහැරවලා
හද මල් සුවපත් කරලා
ඔප දැමුවා මිණි කැට පොඩි
සියුමැලි ලෙස මටසිළුටුව....
නෙක තරු කැට බබළන්නට
දියත පතළ කරවන්නට
දීර්ඝායු පතමු ඔබට
හෙට හිනැහෙන නව දවසට.... 
--------
 

 

අපිව මේ ලෝකයට දායාද කලා වූ
අපේ පලමු ගුරුවරුන් වූ
ආදරනීය දෙමව්පියන්ටත්
ඔබ මා සිටින තැන දක්වා අපව
ඔසවා තැබූ ආදරනීය
ගුරු මව්වරුන්ට ත්
පියවරුන්ටත්,
අපේ හීන වලට පියාඹා යන්නට
ලබා දුන්නා වූ සහ ලබා දෙන්නා වූ
ශක්තියට ස්තුතිය පුදකරන අතරම
ඔබ සැමට නිදුක් නීරෝගී
දීර්ඝායුෂ පිරි
හදවතෙහි සැනසුම රැදුණු
ගෞරවනීය ගුරු දිනයක් වේවා....❤🌷🙏 
-------




"මෑණිවරැන්...ගුරු මෑණිවරැන් හට වැන්දත් පව් නැතේ...
පියවරැන් ...ගුරු පියවරැන් හට වැන්දත් පව් නැතේ....
බුදුන් වදින අප දෙයත් නමා....
වැන්දත් පව් නෑ සිරස නමා....
ඔබ පය පාමුල නළල තබා...."
මුල් ගුරු වු මගේ අප්පච්චිටත්...
පෙර පාසල... පාසල....
දහම්පාසල.... උපකාරක පංති...
විශ්ව විද්යාලය තුළ
මා හට සිප් කිරෙන් පෝෂණය කර ගුරුමවුනි... පියවරැනි.....
නුඹලා නොසිටින්නට
හංසියෙක් බිහිවේවිද?
අවසර !
නුඹටයි මේ පාද නමස්කාරය 🙏🙏🙏
සුබ ගුරු දිනයක් වේවා !! 
--------
 


ගල් කුලෙන් සුලිවලින් බේරී
දියඹකට ඇස හුරු කෙරූ
රෑට අඳුරේ නැව් වලට මහ
පාර කිවුවේ රන් තරූ
මැඩන් බාධක ජීවිතේ
වපුරන්න රන් අස්වනු සරූ
දිය බිඳක් වී පැත්තකම හිඳ
කඳුලු හැලුවෙම ගුරුවරූ...🙏❤️
පොළව ගැඹුරට රිංග රිංගා
හොයන් හොඳ දේ නිරතුරූ
මුලක් විඳි දුක කවුරු දන්නෙද
ගහක් අහසට යන තුරූ
එහෙව් ගස් වල මල් පිපුන කළ
මොකුත් නොකියා කැප කෙරූ
පුදසුනට මල් වඩිනු දැක දැක
සාධු කිවුවෙම ගුරුවරූ...🙏❤️
සුබ ගුරු දිනයක් වේවා !🙏 
--------



උපන් දා සිට මැරෙණ තුරාවට උගන්වන, ඉගෙන ගන්න පාඩම් ඉතුරු කල අපගේ දෙමව්පියන්ටත්,
පෙරපසෙලේ සිට විශ්වවිද්යාලය දක්වා ගුරුහරු කම් කියාදුන් අපගේ ගුරු දෙවිවරුන්ටත්, ඉන් එහාට වැඩ බිමේදී පවා නොදන්නා දේ කියා දෙන ආදරණීය ගුරු පෞරුෂයන් සියල්ලෝටම
සුබම සුබ ගුරු දිනයක් වේවා.....
නිදුක් නීරෝගී වේවා.....
--------
 
*වේවැල් කෝටු නාරං සියඹලා අතූ*
*පාමින් රවා බැලුවත් ඔබ දයා නෙතූ*
*අහිතක් නැතේ ඔබ ගැන අපි හිතින් හිතූ*
*ගුරු මවුපියනි බුදු වේවා දිනක මතූ*
*කුඩා කල පටන් මගේ දිවිමග සරු කරන්නට මග පෙන්වූ සියලුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ,*
*සුභම සුභ ගුරු දිනයක් වේවා !!!❤️🌝*
*වචනෙන් කියනු කිම ඔබගේ ගුණය ගැන*
*පිදුවත් මදිය ඔබ හට*
*අප අපේ පණ*
*අඩුවක් නොවේවා ඔබ*
*සතු අමා ගුණ*
*දෙවි රැකවරණ ලබමින්*
*ඔබ හිදිනු මැන* 
--------
 

 

අවුරුද්දෙන් අවුරුද්ද තරුණ වෙන අයට,
අම්මා තාත්තා තරමටම අපිව අයිති කරගත්ත අයට, කෙටියෙන්ම කිව්වොත් ලෝකේ ලස්සනම රස්සාව කරන අයට,
සුබ ගුරු දිනයක් වේවා!
Happy teacher’s day! 
--------

මාගෙ ජීවිතය සකස් කර ගැනීමට වචනයකින් හෝ
උදව් උපකාර කළ ,ගුරු හරුකම් ලබාදුන්
සියලුම පින්වත් ගුරු මෑණිවරුත් ගුරුපියවරුත්
නිදුක් නීරෝගී භාවයට පත්වෙත්වා !! 🌷🖤🙏☸️
සුබම සුබ ගුරු දිනයක් වේවා !! ❤️🙏☸️ 
--------

මට මගේ ජීවිතය කියාදුන්..
ගුරු මව්නි,පියාණෙනි, ඔබලා සියළු දෙනාටම ගුරු දිනයක් වේවා..🙏🙏🙏
👣 මගේ ජීවිතයේ පළමු අඩිතාලම පෙර පාසල් ගුරුවරියයි..හසුරු කුසලතා හුරු කරමින්...පැන්සල නිසි ආකාරව අල්ලගන්න..
පොත පත නිසි ලෙස පරිහරණය කරන්න කියලා දුන්නේ ඔබයි මෑණියනි..
👣 දෙවන අඩිතාලම වන්නේ ප්රාථමික අධ්යාපනය මනාව මට ඉගැන්වූ මාගේ ගුරු මෑණියන් හා ගුරු පියවරුන් ය...
👣 තුන්වන අඩිතාලම දමන්නේ ද්විතීයික අධ්යාපනයට මා පිවිසෙන මගේ ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් ය..
❤️මාගේ මව්තුමිය ඔබටත් උපහාර කරමි..මුල්ම ගුරුවරයා ඔබයි මගේ..පියෙකුගෙ ආදරයත් රැකවරණයත් නොමැතිව මාව හදා ජීවිතය කියාදුන්නේ ඔබයි.
❤️පෙර පාසල් ගුරුතුමී - අමරාංගනි ගුරුතුමී..
❤️ප්රාථමික ගුරුවරු- ශ්රියානි ගුරුතුමී ඇතුලු රඹුක්වැල්ල කනිෂ්ඨ විද්යාලයේ මාගේ නැණස පෑදු සියළුම ගුරු මණ්ඩලය...
❤️උඩදුම්බර ද්වීතියික තක්ෂිලා පාසලේ ගුරුවරු සියලුම දෙනාටත්..
❤️අකුරින් අකුර උසස් පෙළ ජයගන්නට අකුරු කියාදෙමින් ජීවිතය ජයගන්නට උපකාරක පංතියෙන් අධ්යාපනය ලබාදුන් අකුර අධ්යාපන ආයතනයේ ගුරුවරු සියලුම දෙනාටත්...
❤️මගේ ජීවිතයට ඔවදන් දුන් දැනුම දුන් සියලුම ගුරු මෑණියන්ටත්, ගුරු පියවරුන්ටත් උපහාරයක්ම වේවා.. සියලුම දෙනාව මා ආදරයෙන් සිහිපත් කරමි..
ඔබ සැමට 🙏 දෝත් මුදුන් දී වන්දනා කරමි..
උපහාර කරමි...
ඕවාද සිප්ප දානේන...
සික්කා පේති මමං ගරු..
සගාර වේන චිත්තේන..
අහං වන්දාමි තං ගරුං..
ගුරුවරු සැමටම උපහරයක්ම වේවා.. 
--------

සුබ ගුරු දිනයක් වේවා !!!
ආදරණීය ගුරු මවුවරුන්ට
පෙකනි පටින් බිඳ
හිත වැඩු නෑකම
අම්මා යන හැඩ පදයෙ තිබේ
සිප් කිරි පොවම්න්
ඒ සෙනෙහස දෙන
ඔබත් මවකි අද අපගෙ ලොවේ
අ යන්න ආ යනු
ගලපන මිහිරට
පුංචි හදවතේ සෙනෙහෙ තියා
දුවගෙන එන්නම්
නොගොසින් ඈතට
අම්මේ අපි ආදරෙයි කියා
________
සඳ තරු නට නට
අහස් කුලෙන් බැස
ගහ කොළ මල් මත නටන හැටී
තුරුලට අරගෙන
කියු හැටි මතකයි
ඒ සෙනෙහස මහමෙරක් වටී
සමනල් තටුවක
ඉගිල යන්න බෑ
උන් අල්ලන්නට එපා පුතේ
අන්න කුහුඹුවන්
ගමනක් යනවා
උන්ගේ කඩිසර කමලු අගේ
____
පුංචි ඇගිලි මත
පාට තවරලා
සිත්තම් අඳිමුද ඔයයි මමයි
තණකොළ පෙත්තෙක්
වාගෙ පැන පැන
දුවමුද අපි තරඟයට ළමයි
ලොක්කන් වෙන්නෙ
ගුණයහපත් කම්
ඉගෙන ගත්ත හොඳ පුංචි ළමයි
ඔබ වගෙ ගුරු මවු පියන්
ඉන්න ලොව
හැමදාමත් දිනනවා ළමයි
______________
Happy Teacher's day 
----------
 
නයක් නොවන සෑම දිනක්ම ගුරු උපහාර දිනයක්ම වේවා 🙏
ආදරණීය පෙර පාසලේ සිට ආදරණීය පාසල මෙන්ම ආදරණීය විශ්වවිද්යාලය තුළ මා හට සිප් සතර කියාදුන් යම් ගුරුමාතාවක්ම සහ ගුරුපියාණන් කෙනෙකුටම හදවතින්ම කෘතවේදිවය පුද කරමි...
ශිල්ප දුන් මගේ ගුරු දෙවිවරුනට උපහාරයක්ම වේවා 🙏🙏🙏
තව බොහෝ කලක් දැයේ දරුවන්ගේ නැණස පාදන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
නිදුක් නිරෝගීම වේවා 🙏🙏🙏 
-------


🌷ගුරු ගෙදර පොකුරු තරු
එළිය කරනා සඳ
ගුරු තරුව ගුරු තරුව
ඔබම විය 🌷🌷🌷
අද මා සිටිනා තැනට ඔසවා තැබුවේ ඔබයි ගුරු මව්නි පියවරුණි .වදින්න දවසක් කිම ඒ කළ මහා කැප කිරිමට.
මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා .තව තවත් දරුවන්ගේ ගුණ නැණ වඩ වන්න ශක්තිය ⁣⁣ලැබේවා
ඔබට සුභ ගුරු දිනයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏 
--------


දැනුම, ආදරය, සෙනෙහස
සමග ජීවිතය
රසවත් කල ආදරණීය
ගුරු මෑණිවරුන්ටත්
ගුරු පියවරුන්ටත්
සුබ ගුරු දිනයක් වේවා! 
--------

උපන් දා සිට මේ දක්වා පාසලේත්,විශ්ව විද්යාලයේත්,අනෙකුත් අධ්යාපනික කඩයිම් වලදීත්, විවිධ අවස්ථාවන්හිදීත් වචනයකින්, බැල්මකින් පවා සෙනෙහසින් මා හට අත හිත දුන් ආදරණීය ගුරු මව්වරුනි, පියවරුනි අද මා යම් තැනෙක වේ නම් ඒ මා දෙමාපියන් හැරුණුකොට ඔබ දුන් ශක්තිය නිසාවෙනි. සුබ ගුරු දිනයක් වේවා! තව තවත් දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිදුක් , නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..❤️🙏 
--------


සියලුම ගුරුවරුන්ට සුභ ගුරු දිනයක් වේවා!
ගුරුවරයා යනු සිසුන්ගේ ජීවිත කාලය පුරාවටම දැනුමින්, ගුණධර්ම වලින්
පෝෂණය කරන අයෙකි. ඔබගේ ප්රඥාව, කැපවීම සහ කරුණාව සැමවිටම අපව නිවැරදි මාවතට ගෙන යන අතර වඩා හොඳ මිනිසුන් වීමට අපව පොළඹවනු ඇත.
Happy Teacher's Day to you! Your wisdom, dedication, and kindness will always lead us to the right path and inspire us to be better human beings.
--------


ඇවිඳුරු අඳුර දුරලන හිරු සඳු තරු
කැකුළු කුසුම් පූදිනවා දූ දරු
ශිල්ප දුර්ග තරණය ළඟ සුමිතුරු
ගුරුනි ඔබට මගේ උපහාරය
කරමි නිබඳ දෑතම නළලට ගෙන
වරදක් දුටු තැන තැලුවා මතකයි
ලැබුවේ එමගින් පන්නරයක්මයි
නොතලන යකඩෙහි මුවහත නැතිමයි
එය අප දිවියෙහි මහා ශක්තියයි
යා යුතු මග නිතරම පෙන්වනා කරුණා ගුණයෙන් දිරිය වඩවනා
දැනුවමේ අවියෙන් සවිය කැන්දනා
ගුරුනි දයාබර කරමි වන්දනා...
ගුරු පාදං නමාමී.....
Happy Teachers Day....( සුබ ම සුබ ගුරු දිනයක් වේවා මගේ ආදරණීය ගුරු මව්නි, පියාණනි ❤️ 
--------


සුබ ගුරු දිනයක් වේවා.
අපේ ජිවිතේ පළමුවෙන් ගුරුවරයා වන අම්මගෙන් පටන් ගත් දවසේ සිට මේ අද දක්වා වචනයක් හෝ කියා දුන් සියලු ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා.
---------
 
"වජ්ජා වජ්ජං නිදං සෙට්ටං
සිප්ප සත්තප්ප දායකං
ඥානප්රදීප සංකාතං
ගුරු පාදං නමා මහං..."
ඉඩෝරයට ඉරි තැලී ගිය
බිමට වැසි දිය සේ
අඳුරුලෝකයට සුපුන් සඳක් සේ පෑයූ
දහසක් දෙනාගේ නැණමල් පීදූ
ගුරු මව්ණි පියාණෙනි
සුබම සුබ ගුරු දිනයක් වේවා ❤️🙏 
---------

විෂයකට මුහුකරන් දුන් ආදරයට....
අකුරකට අමුණලා දුන් දැණුමට....
පිටුවකට සීමා නොකරපු ජීවිතයට....
ඔබ තැනූ අපේ ලස්සන දවසට....
"අපේ දරුවෝ" කියල බලාගත්තු ආදරයට...
ඔබට අපි පින් පතමු සදා
වැජඹේවා ගුරු මව්නි පියාණෙනි....❤️
සුබ ගුරු දිනයක් වේවා! 
---------

සිප් සයුර තෙරේ
ගුණ ගරුක සිසු කැලක්
කරා අප යොමු කරමින්
ඔවා දෙමින්
අප යහමග යැවු
අාදරණිය ගුරු මව්නි
අාදරණිය ගුරු පියතුමනි
සතුට පිරි
ගුරු දිනයක් වේවා.....🙏
අද මා ලග නැතත් දෙපා වැදුමට
හදමඩලෙහි සදා
ඔබ තුමිය
ඔබ තුමන්
බුදුන් හා බ්රහ්මයන්ට පසු
සැමදා වන්දනයට ප්රාත්ර වන්නේය..... 
---------

ඈත දේශවල කථා මැවූ
දහමින් මුල් පිටු රසවත් කළ
දැනුමෙන් මගේ ලොව එළිය කළ
ජීවන ගසේ ආදර මුදුන් මුල
තෙරුවන් සරණයි ඔබට ගුරු මව ඔබට....!!!🙏🙏🙏 
----------
 
සුබම සුබ ගුරු දිනයක් වේවා 💐💐
අද මා ලියන අකුරක් පසා,කියවන වචනයක් පසා පින් අයිති වන්නේ ඔබටයි.අද මා යම් තැනක සිට්න්නේ නම් ඒ ඔබ නිසයි.මාගේ ගුරු දෙමව්පියන්ට සෙනෙහසින් හා ගෞරයෙන් සැමදා වන්දනා කරමින් ඔබ සැමට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා හදවතින්ම ප්රාර්ථනා කරමි.
--------
 
ගුරු දින තුති පිදුම්....
අ යනු ආ යනු ගලපා අකුරු කල දින සිට උගතෙකු වී ලොවම දිනන්නට සිසු දිවිය වර්ණ ගැන් වු ගුරු දෙමාපියනි,
නුබට කුමටද දිනයක්
සෑම දිනකම සැරෙදේවා!!
සුබ ගුරු දිනයක් වේවා දයාබර ගුරුවරුනි...
-------
 
මා හට අකුරු කල සියලුම ගුරු මව්වරුන්ටත් පියවරුන්ටත් සුබම සුබ ගුරු දිනයක් වේවා.අප ඔබ හට සදා ණය ගැතී ගුරු මව්වරුනි පියවරුනි.❤🌹💐 
--------
 
නිබද සිප් සතර හොවා දී
ගුණ නැණින් ආදරය ලබා දී
මෙතෙක් දුර පියමනින්නට
ගුරුහරුකම් ලබා දුන්
දිවි මගේ මුණගැසුණු
සියළු ගුරු මැණිවරුන් සහ පියවරුන් හට
නිදුක් නීරෝගී වාසනාවන්ත
සුබ ගුරු දිනයක් වේවා යි ආදරයෙන් පතමි.❤❤❤ 
---------

පොත පතේ දැනුම පමණක් නොව ජීවිතය පවා කියා කියා දෙමින් මා හට ශක්තියක් වූ ආදරණීය ගුරු දෙමව්පියන්ට සුබ ගුරු දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ 
---------
 


ඈත දේශවල කථා මැවූ
දහමින් මුල් පිටු රසවත් කළ
දැනුමෙන් මගේ ලොව එළිය කළ
ජීවන ගසේ ආදර මුදුන් මුල
තෙරුවන් සරණයි ඔබට ගුරු මව ඔබට....!!!🙏🙏🙏
සුභම සුභ ගුරු දිනයක් වේවා 
---------

මා හට අකුරු කල සියලුම ගුරු මව්වරුන්ටත් පියවරුන්ටත් සුබම සුබ ගුරු දිනයක් වේවා.අප ඔබ හට සදා ණය ගැතී ගුරු මව්වරුනි පියවරුනි.❤🌹 
--------

අයනු ආයනු කියා -අකුරු කරවූ නුඹට ගුණ ධර්ම හොඳ නරක- ඔවා මුතු මිණි විලස -ජීවිතය ජය ගන්න -මග කියා දුන් නුඹට -ආදරෙයි ඔබ ළගයි හදවතින් සැම දාම..... මගේ ජීවිතය ආලෝකමත් කළ දයාබර ගුරු මාතාවනි,ගුරු පියතුමනි... සුවහසක් දැයේ දරුවන්ගේ නෙත් පෑදීමට නිති වෙහෙසෙන ⁣ලක්මව සරසන ගුරු මවිවරුනි,ගුරු පියවරුනි  ගුරු සහෝදර සහෝදරියනි ඔබ සැමට නිදුක් නිරෝගි සුභ ම සුභ ගුරු දිනයක් වෙිවා....
--------
 
ශ්රී ලංකාවාසීන් ලෝක ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් 06 වන අද දිනයි.
ජීවිත දහස් ගණනකට නිසි මග නිසි ලෙස යන්නට පාර කියාදුන් ගුරුවරුන් සෙනෙහසින් සමරමු!👩‍🏫
සුභ ලෝක ගුරු දිනයක් වේවා!!! 
--------

අපිව මේ ලෝකයට දායාද කලා වූ
අපේ පලමු ගුරුවරුන් වූ
ආදරනීය දෙමව්පියන්ටත්
ඔබ මා සිටින තැන දක්වා අපව
ඔසවා තැබූ ආදරනීය
ගුරු මව්වරුන්ට ත්
පියවරුන්ටත්,
අපේ හීන වලට පියාඹා යන්නට
ලබා දුන්නා වූ සහ ලබා දෙන්නා වූ
ශක්තියට ස්තුතිය පුදකරන අතරම
ඔබ සැමට නිදුක් නීරෝගී
දීර්ඝායුෂ පිරි
හදවතෙහි සැනසුම රැදුණු
ගෞරවනීය ගුරු දිනයක් වේවා....❤🌷🙏 
---------
 

සුබ ගුරු දිනයක් වේවා...!❤️
ආදරයෙන් ලග ඉදන් අපේ හිත් කියවන
රිදෙන තැන් සියුම්ව පිරිමදිමින් සනසන
අකුරටම ලසු නොවි ලෝකයක් පෙන්වන
පොතේ නැති ජිවතය් දිනන හැටි පෙන්වන
දරුවන්ට සැර කරත් පසු තැවෙන දුක්වන වැරැදි පෙන්නා සමච්චල් නොකරන
ගුරු මව්නි පියවුරුනී දවසක් වෙන් කර පුදන්න හැකිද උපහාර
අවසන් වුනත් පාසල් ගමන ඉක්මනට
හදවතින් වදිමි ඔය සිරිපතුල් සැම දින.....!❤️
සුබ ගුරු දිනයක් වේවා හැමදෙනාටම..❤️✨️ 
--------
 

නොලබා කිසිත්... කැපකර තම කාලය, ශ්රමය නිරන්තරයෙන් දහම් දැනුම ලබාදීම උදෙසා සැදී පැහැදී සිටින නූතන දිසාපාමොක් පරපුරේ අපේම සහෘද ගුරු මෑණිවරුන් පියවරුන්ට මෙන්ම....
දහසක් දුවා දරුවන්ගේ නෙත් යුග පාදන්නට නිති වෙහෙසෙන සියලු ගුරු මෑණිවරුන් හට සහ පියවරුන් හට පිදෙන උත්තමාචාරයයි....❤️💐
සුබ ගුරු දිනයක් වේවා 🌹💙 
--------
 
 
අපිව මේ ලෝකයට දායාද කලා වූ
අපේ පලමු ගුරුවරුන් වූ
ආදරනීය දෙමව්පියන්ටත්
ඔබ මා සිටින තැන දක්වා අපව
ඔසවා තැබූ ආදරනීය
ගුරු මව්වරුන්ට ත්
පියවරුන්ටත්,
අපේ හීන වලට පියාඹා යන්නට
ලබා දුන්නා වූ සහ ලබා දෙන්නා වූ
ශක්තියට ස්තුතිය පුදකරන අතරම
ඔබ සැමට නිදුක් නීරෝගී
හදවතෙහි සැනසුම රැදුණු
ගෞරවනීය ගුරු දිනයක් වේවා....❤🌷🙏 
---------

අනාගත පැතුම් පොදියක්
සිතෙහි පුරවන් සිටින අප හට
අන්ධකාරයෙන් වෙලෙන ලෝකෙක
තරු පාරට මග කියාලා
දුන්නු ඔවදන් ....
සත්තකින්ම එය අපට ශක්තියක් ...
ගුරු මුශ්ටි පසෙකෙලා
ගතවූ නිමේෂයක
දහසකුත් කම්කටොලු මැද
ලබා දුන් සිප් සතර
සත්තකින්ම මහමෙරකි
ගුරු මව්වරුනි...පියවරුනි...
ඇස් කෙවෙනි රිදෙන තෙක්
යළිත් හැරී බලන්නට
නොහැකි වූ අතීතයක්
සපැමිණි දිනයක...
ඔබ සමග
ගෙවුනු හැම මොහොතක්ම
ඔව්, අපේ සදාකාලික මතකයක්...
සුබ ගුරු දිනයක් වේවා!
පෙර පාසලේ සිට මේ දක්වාම අකුරු කල සියළු ගුරු මව් පියවරුන්ට උපහාරයක්ම වේවා!..🙏 
---------

අයන්න ආයන්නේ සිට මේ දක්වා උගත් යම් දෙයක් ඇත්නම් ගුරු මව්වරුනි... පියවරුනි ..... ඒ ඔබ නිසාමය....
මාගේ ගුරු මව්වරුනි පියවරුනි ඔබ සියලු දෙනාටම ....නිදුකින් ...නිරෝගී සුවයෙන් ගත කල හැකි සුභ ගුරු දිනයක් වේවා...... 
----------

පෙර පාසලේ ඉදන් A/L වෙනකම් අකුරක් හරි උගන්නපු හැම ගුරුතුමා ,තුමිය
සුබම සුබ ගුරු දිනයක් වේවා❤️❤️❤️❤️❤️
ගුරු මා පියනී
පිරි දයාවෙනී
කරුනා ගුනෙනී
නිති ඔවා දුනී
ගුණ සමරන දා
හද බැතිනි පුදා
ඔබෙ ගුන ගයනෙමි
ගුරු මා පියනී
ඔබ කල සේවය නිම නැත මව්නී
කල ගුණ හදතුල ඇත පියතුමනී
දින දින .....
ආයුශ දිගු වී වැජබේවා අප අතර සදා... 
----------

" අ " යන්නේ සිට මේ වන තෙක් මා යමක් ඉගෙන ගෙන යම් තැනක ඇත්නම්, ඒ ආ ගමන් මගේ විශිෂ්ට වූ නිර්මාණකරුවා ""ගුරුවරයා""ය.❤ ✅ පොත පතේ දැනුමත් පොළොවේ පය ගසා
මිනිසෙක් සේ ජීවත් වන සැටිත් කියා දුන්,
මා හට සිප් සතර කියා දුන් සියලුම ගුරු
හිමිවරුන්ටත්,ගුරු පියවරුන්ටත්,ගුරු
මව්වරුන්ටත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
🟣" සුභම සුභ ගුරු දිනයක් වේවා..!!!" 🙏🙏🙏 
----------

පායනා තරු දහස් ගානක්
අහසේ තිබ්බට නිරතුරූ...
හඳට වුව ආලෝකේ දුන්නේ
දවල් දිලෙනා තනි හිරූ...
එවන් තරුවක් ළමුන් දහසක්
පුබුදුවයි හැම ගුරුවරූ...
තුණුරුවන් ගුණ බෙලෙන් වැජඹෙන්
ශිල්ප දුන් මගේ දෙවිවරූ..
මා ලියන අකුරක් වචනයක් පසා මා හට මෙතෙක් කල් ගුරු හරුකම් ලබා දුන් සියළුම ගුරු දෙවිවරුන්ට මාගේ හද පිරි උත්තමාචාරය 💗🙏💗 
-----------