ලැබුවා සිංහල අලුත් අවුරුදු සැම දෙනාටම සුභම වේවා
සැදුවා ඇති දැන් ලොවට මර බිය කොරෝනා රෝ නැතිම වේවා
දැරුවා අපමණ වේදනාවන් සැනින් දුරු වී සෙතම වේවා
පැතුවා මා හදවතින් පැතුමක් සියලු සත සුවපත්ම වේවා
සොබා දම් නීතියට අනුවම ලොවෙහි සත ජීවත්ම වේවා
ලබා ගත් මිනිසත් බවේ නිසි අගය නිති වැටහීම වේවා
සභා මැදකට බියක් සැකයක් නැතිව යන්නට හැකිම වේවා
ප්රභා විය මුණි දෙසුව සඳහම් බෙලෙන් සැමටම සෙතම වේවා
දමා යා යුතු වේය සිය කය සතට ලොව වැටහීම වේවා
පමා නොවි ලෝකයෙහි සැම දන පිනට දහමට ලැදිම වේවා
සමා නැත අකුසලය කළ විට පවට ලැජ්ජා බියම වේවා
අමා සුව සැම දුක් නසාලන මගට සැම සිත් යොමුම වේවා..
------
 
🙏 සුභ නව වසරක් වේවා 🙏
රබන් සුරල් හඬ ගිගුම් නාද මැද
අවුරුදු ලබලා තෙයි
තෙතෙයි තෙයි
අවුරුදු ලබලා තෙයි.....
පුංචි පැටව් ටික ගෙදර සියළු දෙන
අලුත් ඇඳුම් අඳිතෙයි
තෙතෙයි තෙයි
අලුත් ඇඳුම් අඳිතෙයි......
බුලත් හුරුලු ගෙන වැඩිහිටියන් වැඳ
දීර්ඝායු ලැබතෙයි
තෙතෙයි තෙයි
දීර්ඝායු ලැබතෙයි.......
හෙල සිරිතට අප ලැබ දී මුල්තැන
සමරමු අවුරුදු තෙයි
තෙතෙයි තෙයි
සමරමු අවුරුදු තෙයි......
ගමනක අවසන ගමනක ඇරඹුම
සූර්ය මගුලක් තෙයි
තෙතෙයි තෙයි
සූර්ය මගුලක් තෙයි.....
තෙරුවන් වැඳලා සුන්දර නිවසක
වැඩටික නැකතට තෙයි
තෙතෙයි තෙයි
වැඩටික නැකතට තෙයි......
ජන ක්රීඩාවත් නෑගම් යාමත්
නෙත් කුළු දසුනක් තෙයි
තෙතෙයි තෙයි
නෙත් කුළු දසුනක් තෙයි.....
ලොකු පොඩි සැමදෙන එකමුතුවෙන් හිඳ
සතුටු සිතින් සිටි තෙයි
තෙතෙයි තෙයි
සතුටු සිතින් සිටි තෙයි......
මී මුත්තන් අපෙ රැකදුන් සිරිතට
ගෞරව පුදකල තෙයි
තෙතෙයි තෙයි
ගෞරව පුදකල තෙයි.....
ලැබදිය යුතු වෙයි මතු පරපුර වෙත
ජාතිය ඔහු සුරතෙයි
තෙතෙයි තෙයි
ජාතිය ඔහු සුරතෙයි.....
මුහුණු පොතට ආවා ගිය සැමටම
පතනා පැතුමක් තෙයි
තෙතෙයි තෙයි
පතනා පැතුමක් තෙයි.....
කිරියෙන් පැනියෙන් ඉතිරී ගෙවනට
සුභ නව වසරක්! තෙයි
තෙතෙයි තෙයි
සුභ නව වසරක්! තෙයි..... 
-------

පතනෙමි හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා
සමරන්නේ නැහැ අවුරුදු තුටින් මෙදා
අරගල කරන හැමදෙන අද පිටිය පුරා
එක්වෙමි ඔබ සමඟ අරගලය පුරා
පතනෙමි තුටින් අරගලයට ජයෙන් ජයම කියා 
--------

කෙහෙල් කැනෙ තිබු හොඳම ඇවරිය🍌🍌
දිලෙයි මේසයෙ කහ පැහෙන්
කැවුම් කොකිසුත් අනෙත් කැවිලිත්🍪
කරයි මේසය තව නැවුම්
ලහි ලහියෙ හරි ගැහෙන කිරිබත 🍽️
මකයි පාළුව තව ටිකෙන්
අලුත් අවුරුදු කුමරු වඩිනව🤴
වගෙයි නිවසට හෙමි හෙමින්...
රතිඤ්ඤා ,රබන්, කොවුල් ගී හඬ
පරදවා ඇසුණත් පොඩි උන්ගෙ චර බරේ🤗
කැරකෙමින් උඩ යන, විසිල් ගහනට
වඩා එළියයි ඒ රගේ.. 🌅
රට පුරා නෙක පැතිරි ගිය රෝග භිය
දුරු කරලු වෙස් ගත් මේ මහේ 😊
වැස්සකට තෙමි තෙමී රග දෙයි
සොබාදහමත් මේ කලේ..🌦️
අම්ම නංගිත් එක්ක එකතුව👩‍👧
කරයි උයමන ඉක්මණින්
පහන පොල්තෙල් දමා සකසයි✨️
සීයා මුණුපුරු පිරිවරන්
දෙමස්සිනො එක්වී හදයි 👬
හොඳ සැළසුමක් කාටත් හොරෙන්
මෙයැයි සැණකෙළි අපිට දෑ කළ උරුමයෙන් 🎊️🎇
සිත් නිවන නෙත් සහින
සුබ වසර එළැඹුනා🙏
සෑම මුවකටම වාගේ
සතුටුමල් පීදුනා😂😍
දුක් සෝක සංකාද
ඈතදුර පා වුනා😊
තවත් අවුරුද්දකින්
මුලු සිරිලකම හැඩවුනා🤩😍.. 
-------

සුබ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏🙏🙏🙏
රටේ ඇති මිනිස් හිත් දවාලන වේදනා ටිකෙන් ටික මියයන්න...
රිදුම් දී අත හැරුණු අපේ උන් හෙමි හෙමින් අපේ මතකෙට එන්න...
තාම හුස්මත් එක්ක සටන් කරනා එවුන් ඉක්මනින් සුව වෙන්න...
ඉතින් අද පතන්නම් ජිවිතේ සරු වෙන්න...
පැය කීපයක් තියේ අවුරුද්ද ලං වෙන්න...
වෙනදා මෙන් සතුටකුත් හිතේ නෑ හිමි වෙන්න...
කමක් නෑ ඒ නමුත් හැමදෙනා තුටු වෙන්න...
දුක් විදින උන්ට අපි පතමු සුවයක් වෙන්න...
අලුත් අවුරුදු ඒවී තවත් මොහොතක් යද්දී...
ටිකක් සතුටින් ඉදී,තවත් අය දුක් වෙද්දී...
මොකුත් නෑ කියන්නත් දුක,සතුට ලං වෙච්චි...
පතන්නම් සුබ වෙන්න අවුරුද්ද ලං වෙච්චි... 
--------