Sinhala Funeral Banner Quotes | Sinhala Funeral Banner Kavi, Nisadas | Marana Danweem Kavi | මරණ දැන්වීම් කවි, නිසදැස්


නියං කලය ආ වැස්සක් මෙන්...
අප වෙතට ආ සුවද නුඹ...
මුවේ පිරුණු සිනා පොද...
පුදා දුටු අප වෙතට...
පෑවේ නුබේ අවිහිංසකකම...
දැනේ සිත පුරා දුක...
නික්ම ගිය බව දැනෙන විට...
පිපුණු ගමන් පරව යන්න...
කිමද කල වරද නුඹ...
අසයි සිත හඩන විට...
අදට වඩා හෙට දිනට...
දැනෙයි නුඹේ අඩුව අපට...
උපදින හැම භවයකදිම...
නොවන්නට මෙවන් විපතක් නුඹට...
පතනෙමි අප සැම එක්වී...
ලැබේවා නිවන් සුව නුඹට...

------

 

ගෙව් ඒ දිවිය සිහිවන විට ගත පපුව...
ඉවසා සිටින්නේ කොහොමද එහි අඩුව...
ඔබ නැති අඩුව නොයයි කිසි දිනකදි පහව...
සුපුරුදු විලස අප මෙහි ඉන්නේ කෙලෙස... 

------

 

නිතින් මෙත් සිතින් මම් වෙසෙම්වා...
ගතින් මෙන් සිතින් රෝ මුදම්වා...
බැතින් තුන් රුවන් ඔප් නගම්වා...
මෙතින් නෙත් පියම් වා නෙවෙම්වා... 

------

 

ඉපිදෙයි මැරෙයි යලි ඉපිදෙයි භව කතර...
හමුවෙයි වෙන්ව යයි යලි හමුවෙයි සසර...
සම්බුදු පියා දෙසු සදහම් අම මිහිර...
ලොව හැම දෙයම වයදම්මා සංඛාර...  

-------