Sinhala Birthday Wishes SMS | Sinhala Upandina Subapathum Wadan And Nisadas | සිංහල උපන්දින නිසදැස්

මන් ගොඩාක් ආදරෙයි මගෙ මැනික ඔයාට... සුබම සුබ උපන්දිනයක්.හැමදාම හැම තත්පරෙම මගෙ ලගින්ම ඉන්නවට ඔයාට ගොඩාක් පින්..🙏❤️‍🩹 හැමදාම සතුටින් ඉන්න ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්රාර්ථනා කරනව.හැමදාම මෙ විදියටම ආදරෙන් ඉන්න 🌎🙏 

------

Sinhala Birthday Nisadas For Husband 

❤️🥰🌷 සුබම සුබ උපන්දිනයක් වේවා ..🌷🥰❤️
සිතිවිලි තේරුම් ගත් සැමියකු ලැබුමට
වාසනාව නම් තිබිය යුතුයි..
නිදහස සුරකින අත්තටු නොකපන මිනිසකු
වූ ඔබ උදාරයි.....
සැමියකු ලෙස පමණක්ම නොවේ ඔබ අපෙ
දරුවන්ට ද දයාබරයි..
හැකිවිට සැමටම අත හිත දෙන්නට නොපැකිලෙනා
ඔබ පිනෙන් බරයි...
විය යුතු යුතුකම ගැන පමණයි සිතුවේ නම්
ඔබ නිරන්තරේ..
තමනට වියයුතු කිසිම දෙයක් ගැන ඔබ කිසිවිට
නම් නැ තැකුවේ..
තරහව කිසිවිට හදතුළ සඟවන් නෑ ඔබ නම්
ජීවත් වූයේ..
දුටුවිට දහිරිය ජීවත් වන්නට මගෙ හදවත
සෝ සුසුම් නැගේ
හෙලන දහඩිය අපව රැකුමට මුතු පබළු වී.
දිසේවා..
හිතට දහිරිය ගතට ශක්තිය ලැබී විඩා ගති
දුරුව යේවා..
සතුට සැනසුම ලැබෙන හෙටකට නැවුම් සිතිවිලි
පුබුදු වේවා ..
ඔබට තිසරණ සරණ නිරතුරු පතන මා ඔබෙ
සොඳුරි.... 
------


සීමාවක් මායිමක් නැතුව
මට ආදරේ කරන්නේ
මං දුක් උනාම මට වඩා සිය දහස් ගුනයක්
දුක් වෙන්නෙ
හේතුවක් නැතිවම මන් වෙනුවෙන් ඇස් වලට කදුලු එන්නෙ
ඔයාට විතරමයි අම්මෙ❤️😘😘😘😔😔😔
මගෙ අම්මට සුබම සුභ උපන්දිනයක් අම්මෙ
මගෙ ආයුශ අරන් ඔයා ජීවත් වෙන්න ඕනෙ ....
පොරොන්දු වෙන්න බැරි උනත් සතුටින් ඉන්න උත්සාහ කරන්නන් අම්මේ❤️ 
------


නිදුක් ,නිරෝගී සුබම සුබ උපන්දිනයක් අම්මේ ..
"පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ
සඳ දිය දෙව්ව සේ නැග ආ සෙනෙහෙ තුල
හද ගැබ අරණ මත හිනැහෙන පියුම් මල
නහවයි සුවඳ ධහරෙන් මා සුවඳ කල
අම්මා නුඹයි මා සැනසුව හද දිවිය විල" 
-------

❤️සුබම සුබ උපන්දිනයක් වේවා මගේ රත්තරං සුදු මහත්තයට ❤️
ගොඩක් ආදරෙයි මගේ පණට මගේ හුස්ම තියෙනකන්ම ඔයාගෙ ලගින්ම ඉන්නවා පණ 🌹
ඔයාගේ ජීවිතේ දිනවනවා දවසක ඒක පොරොන්දුවක් මගේ රත්තරං...
-------

සෙවනැල්ලක්මවී
නොවන්නට ඈ
මං මුලාවී
මගද වැරදී
බොහෝ කල්....
දුක්, සතුටු එක හිතින්
උහුලාන උන්නාට
ණය ගැතියි හැමදාම
හඩනගා නොකිව්වට....
සුබ උපන්දිනයක් මගේ ප්රිය බිරිඳ! 
-------

ඔබට සුබම සුබ උපන්දිනයක් ආදරණීය අක්කා !
මැරුණ කොළ වලට එහෙමම
වැටෙන්නට ඉඩ යවා
අලුත් මල් පුබුදන්න
දිරුණු අතු වල පවා .....
කිසිදු කුහක කමකින් , ඊර්ර්ශ්යාවකින් තොරවම හැමෝම දිහා ආදරයෙන් බලන ඔබට තව තවත් අලුත් නිර්මාණ කරන්නට ශක්තිය දිරිය නිරන්තරයෙන්ම ලැබේවා ! නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! 
-------

සරමින් සසර තනි මග පිය නගන කොට
ඇවිදින් සුරත දී ගිරි දඹ නගින්නට
හිමියනි දෑස ඔබ විය ලොව බලන්නට
නිම් නැති සෙනේ ඔබගේ බර වැඩියි මට
භවයෙන් භවය මා ලඟ හිඳි කිඳුරාන
දෙපුතුන් හටද මට සේ ඇත් රජිඳාන
යන මග පිපේවා සොඳුරුම මල් යාන
ඔබමය අපේ නිවසේ පුන් සඳ පාන...
-------
 
වැඩියෙන්ම තරහ වුන
වැඩියෙන්ම යාළු වුණ
මොන තරම් රණ්ඩු කරත්
නැතුවම බැරිවුන
වචනයෙන් කියන්න බැරි තරම්
සෙනෙහෙ පිරුණු
ආදරණීය මගේ මල්ලියේ
ජීවිතේ තවත් එක්
කඩඉමක් පසු කරන ඔබට
පතන්නම්
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් ..... 
--------

පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ
පිරිමි ළමයෙක්ගෙ ජීවිතයෙ හොදම මිතුරිය සහෝදරිය තමයි අම්මා.ඔයා එකග වෙයි කියලා හිතෙනවා....
මගේ අම්මා ඔබට සුුබම සුබ උපන්දිනයක් වේවා.මගේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඕන
Happy birthday අම්මේ❤️❤️🥳🌎❤️ 
--------


අද දින ජීවන ගමනේ තවත් එක් කඩයිම් වසරක් පසු කරන අපේ දයාබර යෙහෙළිය 👑 ඔයාට..වාසනාවන්ත ..සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක්ම වේවා!!🌷🌷
ආසිරි ගී මිසක ..
දුක් ගීත නො ඇසෙන්න
තබන හැම පියවරම
වාසනාවයි ඔන්න...👒👒👒
උපන්දින සුබ පැතුම්
අපෙන් අද ඔබ වෙතට..
නිරෝගී නිදුක් සුව
පතමු අප ඔබ නමට..🎂🎂🎂
හසරැල්ල මිස සිතට
කඳුලැල්ල නොම එන්න
නේක දුක් දුරුවෙලා
ජය ලැබෙයි හැම දාම..💖💖💖
තබන හැම පියවරම
සෙවනැල්ල සේම හිඳ..
පතන්නෙමු අපි ඔබට
තෙරුවනේ ගුණ බලය..🌷🌷🌷
වාසනාවන්ත නිදුක් නීරෝගී..සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂සියලු දුක් දුරුවේවා ! පැතුම් ඉටුවෙන වාසනාවන්ත උපන්දිනයක්ම වේවා!!!🌞🌙💖💖💖🎂🎂  
-------


මගේ ජීවිතයේ හමුවූ
හොදම ආදරවන්තයා
ඔබයි...
ජීවිතේ හැමදාම මාව රැකි
සොදුරු වීරයා වූයේ
ඔබයි...
සිහසුනක මා රජ කරවා
සතුටු වූයේ
ඔබයි...
මේ ලෝකේ මා දුටු
ආදරණීය ම
තාත්තා ඔබයි...
මගෙත් ආයුෂත් පුදන්නෙමි ඔබට
සුබ ම සුබ උපන්දිනයක් වේවා
මගේ ආදරණීය තාත්තේ... ❤️ 
--------


අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න
මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම
පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය...
ජීවන ගමනේ සහකාරිය ලෙස එක්වූ ඔබට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා....!!! ❤❤❤❤❤ 
---------


පිපි අරවින්ද කුසුමක තැවරු වත්සුනු සුවඳ
මන්මත් කලා නහවා නුඹේ සෙනෙහෙ නඳ
නහවා කිරෙන් හැරවුනු රතු රුධිර කඳ
අම්මා නුඹයි ජිවය නිති මට දුන්න සඳ
මගේ අම්මා ඔබට සුුබම සුබ උපන්දිනයක් වේවා.මගේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඕන මගෙ රත්තරං අම්මට දලදා සමිදු පිහිටයි...!