Niwan Suwa Labewa Subapathum | Sinhala Funaral Banner Wishes | නිවන් සුව ලැබේවා ...! | Niwan Suwa Labewa Nisadas | Sinhala Rest In Peace Wishes, Messages, Quotes, Kavi, Nisadas

 


නිවන් සුව ලැබේවා...!
අපිනොදන්නා අහිමිවීම් තව කොච්චර නම් තියෙනවාද..
බැඳීම් දුකක් පමණයි 😥🙏 
------
 
ආදරණිය සොයුර ____ ඔබට නිවන් සුව ලැබේවා!! 😭
මතුභවයක මෙවන් අකල් මරණයක් නොම වේවා !! 🙏
Rest In Peace ____ 😢💔
හීනෙකින්වත් හිතුවේ නෑ උබට මෙහෙම දෙයක් වෙයි කියලා.. 🥺😔 
------

"බිලිව සතුරෙකුට අප කා හටත් නොපෙනෙන
නවතා පස් විසි වියෙන් දිවි මං සැරි ගමන
නික්ම යන සොයුරාණෙනෙ ______
යලි නාවට කම් නෑ හිමි නම් නිවන"
------
 
වේදනා බර නොනිදු අප නෙත්
මදක් විවරව බලන හැම විට
හදවතේ ඇති නුබේ මතකය
බල කරන්නෙම නුබව සෙව්මට...
අනේ චුට්ටක් වැසුන නුබෙ නෙත්
විවර කරමින් මදක් බලපන්
වාවගන්නට බැරිව ලත වෙන
නුබේ ගුණයට පෙම් බැන්ද උන්..
අහස් ගව්වක සිහින සිරකර
ජීවිතය වෙත පිය නගන්නට
සිතුව විතරයි නේද තව නුඹ
හිත කියන විට කොහොම ඉන්නද
උබ ආයෙමත් එන්නෙ නැති වග..
නුබ හා ගෙතුන මතක රැදි පෙර දිනක
කදුලක සිසිල සුසුමින් වියලිය නොහැක
නුඹ හා හමුව ගෙවු ඒ දින කිහිපයක
සසරක මතක ලඝු වී ලිය වෙයි කවක..
කියන්න වචන මට මහ ගොඩක් නෑ උඹට ආදරනීය 
_____ නිවන් සුව 🙏 
-------


දෙනෙත් දුටුවම
දනිමි සෙනෙහස
නොලිවුවත් දිග පෙම් හසුන්...
සිතින් විඳ ගමි
පුරුදු සුවඳම
ඒ දැනෙන්නේ නුඹ ළගින් ...
පුදන්නට රතු
රෝස කුසුමක්
පතා ඔබ මලසුන් මතින්
නැතත් කම් නෑ
ආදරෙයි මං ....
සදා නොවෙනස් වන සිතින්...
😢 අහස් ගග තරු පොකුරු අතරේ මාව තනි කරලා…💔💔😢😢පුංචි සුරදූතියක් වගේ ඔබ කොහෙද සැංගීලා... 
--------

නිවන් සුව ලැබේවා😢
ම........ ග හැරලා යන්න බැරි.
ර.........ංගන සෑම දෙයටම නැවතිම තියන්න වෙන,
ණ........යට තව ටික කාලයක් ඉල්ලන් ඉන්න බැරි,
ය.........න්න කියද්දී යන්නම වෙන ,
එකට ඉන්න උන්ට දැනෙන දුක්ඛිතම හැඟීම,
ම. ර. ණ. ය.
නිවන් සුව පුතා😢😢
නැවත උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා🙏🙏 
--------

ඔබ ගැන කව් සීපද වදන් වැල් අමුණන්න..
පිය තුමතණි මා හට නොහැක කෙතරම් තැතක් දැරුවත්..
සිත පුරා ගත පුරා නුඹ සිටියා නිරතුරුව
ගතින ඔබ වෙන්ව ඇත.. සිතට දැඩි සේ කාවැදී ඇත... ඔබට පිං බොහොම පිං...
නිවන් සුව ලැබේවා මා පිය තුමතණි.... 
-------