Sinhala Valentine Day Good Morning wishes, Sinhala Valentine Day Good Night Wishes, Sinhala Valentine Wishes, Messages, Nisadas, Quotes, Sinhala Valentine Wadan, Sinhala Valentine Subapathum, Sinhala Valentine Card Wording, Sinhala Valentine Adara Wadan, Sinhala Valentine Adara Nisadas,  Sinhala Valentine Wishes for Boy Friend, Sinhala Valentine Wishes for Girl friend, Sinhala Valentine SMS, Sinhala Happy Valentine Day My Love Wishes, Sinhala Valentine Card Design and wording.
 

ආදරේ කරාටයි බය හිතුනටයි පස්සේ,
ගොඩාක් ආඩම්බරේ හිතෙනවා,
කඳුලු වලින් පස්සේ, රෑ වෙනවා,
සියළුම වචන ඉවර වුනාට පස්සේ,
එක පහනකුයි එක පුටුවකුයි ඉතුරු වෙනවා.
දැන් මම, ඔයාට ගොඩාක් ආදරෙයි.

-----

ආදරය කියන්නේ,
දෙන්නෙක් විතරක් කරලා,
දෙන්නම දිනන එකම ක්රීඩාව,
මම ඔයාට ගොඩාක් ආදරෙයි.

------

Pizza එක ජීවිතේ වගේ,
එන්නෙ හතරැස් පෙට්ටියක,
නමුත් Pizza එකේ හැඩේ රවුන්,
කැල්ලක් කැපුවාම ත්රිකෝනය්...
හරියට අපෙ ජීවිතේ වගේ 

-----

කාලෙකින් කෝල් එකක් නැති නිසා,
මම හිතුවා, මගේ රත්තරන් ආඩම්බර වෙලා කියලා.
නමුත් කතා කරාමය් දැනැගත්තෙ,
ෆෝන් එක කැඩිලා කියලා.

------

Happy Birthday Sweet Heart!
මම කොහේ ගියත්,
මොනවා කරත්,
කවුරු එක්ක හිටියත්…
ඒ හැම වෙලාවකම ඔයා මගෙ හිතේ ඉන්නවා.
සුභම සුභ උපන්දිනයක් වේවා වස්තු...

------

පිනි වැස්සක් වැටුනා… රිය කව්ලුවෙන් පෙනෙන මානයේ,
මොහොතක් නතර වෙන්න හිතුනා… සීත නිල්වන් හපුතලේ,
පහු කරන් එනවිට… හෙමිහිට කඳු හෙල් අතරේ,
මතකයන් ඔස්සේ සිත කියනවා… ටිකකට නවතින්න,
ඔයාව හමුවන්න ආයෙ.

------

අලුතින් නව හැඟුමන් ආවා…
හිත තුල ඉපදෙන සුසුමන් බොහෝමා…
ඔබ දැකගන්නට නොලබේ නම්…
හිරු තව දවසක් වත් නොනැගේවා.
Good night

------

පදයක තනුව වෙලා, ලස්සන කවියක් වෙන්න...
කුසුමක සුවඳ වෙලා, දසතට සුවඳ හමන්න...
පැතුවෙ හැමදාමත්, ආදරයෙන් ඔබ ලඟ ඉන්න...
මගෙ ජීවිතය වෙලා, සෙවනැල්ල වාගෙ, ලඟින් හිඳින්න.

-----

පින්න මලේ, පිනි බිංදු රූරා යයි දස අතේ...
හැඩකාරයි, පිනි කැට පොඩි විසිරීලා මල වටේ…
නැවුම් සුවඳ, හමා යන්නෙ පා කරන්න ඩස අතේ…
ලඟට ඇවිත් යන්න එන්න, ඇරුනෝදයේ සුවඳ දිගේ.

-----

අපි දෙන්නා අතර හිස්තැනක්.. නෑ. එහෙම වෙන්න දෙන්න එපා.
මම හැමදාම ලඟින්ම ඉන්නවා.ඔබේ සැප මගේ සතුටයි.

-----

නිබඳ,.. ඔබ සෙවනේ, ගත කරන්නයි... සැමදා... පැතුවේ.
දූරු කතර ගෙවා ආවත්,
මසිත අදිටන... නොමැකි ඇත, තවමත්.

------

දෙනෙත මගෙ කැඩපතකි,
ඒ තුලින් පිලිඹුබු වන රුව නුඹයි,
ඒ නෙතට ජීවය දෙන කර්නිකාව වගෙ,
ඉන්න මා නෙතු ලඟම නිතතින්ම.

------

හිරුට හඬ ගා කියන්නම්, සඳුට හඬ ගා කියන්නම්, විශ්වයම දෙදරවන්නම්…
අදරේ මං ඔබට විතරමයි.
මා ඔබෙයි සැමදා…
ඔබ මගෙයි දිවි ඇති තුරා.

------

හිතට දැනෙන හුදකලාව...
ඇති වු දා, මගෙ සිතට...
මගේ තනියට, ලඟ ඉන්නට...
එන්න... රත්තරන්.

------

ඔබට හිමි සෙනෙහෙ ලඟ..
මගෙ, සිත නතර වූ දා.,
දාල යන්නට බැරුව..ඉමි..
තනිව අද ගෙවෙන මොහොතකම.
වෙරලු මල් පිපිලා..
වෙරලු කොල සැඟවලා..
ආදරය පිරිලා ඇත..
ඒ වෙරලු මල් වගෙ.

------

කනක මිනි නෙතු කැලුම් පුපුරා
හෙලන කඳුලට ආදරේ නම්,
ඔබට හිමි නැති සිනහ පොදකට
අත්වැලක් වෙන්නම්.
සැලෙන නා දලු අතර සලිතව
කියනවා නම් ආදරේ මම,
ඔබට හිමි නැති සහන් සුවයට සෙනෙහසක්
වෙන්නම්.

-----

විටෙක අපි හිනැහුනා... විටෙක දොඩමලු උනා... මතකයන් අතර මා, හිඳිමි අද තනි වෙලා.
කතා කරනවා ඇසෙයි... මුහුන සිඹිනවා දැනෙයි... සොයා එන්නට සිතෙයි...
මේ කිමද නොතේරෙයි.
කවුරු හිටියත් ලඟ පාතක...
අඩුව දැනෙනව, හොඳාකාරවම...
ඔබ ලඟ නැති දා සිතට...
මෙතරම් දුක දැනෙයි කියලා, හිතුවේ නෑ කවදාවත්ම.

------

සීත පිනි කැට වැටෙන යාමේ,
එන්න තනි වෙමු හුදකලාවේ,
ආදරෙන් තුරුලුව හිඳින්නට,
පුංචි මොහොතක් අපේ ලෝකේ.

------

ඔබේ දුක ලඟ, සතුට ලඟ නිතතින්ම, මා සිටිමි.
ඔබ සතුටු වනු දැක, පසෙක හිඳ මාද සතුටු වෙමි.
ඔබේ පැතුම් ඉටු වේවා!

-----

සැඩ රලු මුහුද,
වූවත් නපුරක් කාට…
දක්ශ නැවියකු බිහි කරයි,
දායාදයක් වී ලොවට…
කරදර පිට ආවත් කරදර ඒමට,
හිත ශක්තිමත් නම්,
බාදක ජයගනු හැක සබඳ.

------

මැනිකක උනත් වටිනාකම එන්න, ඒක ඔප දාන්න ඕන.
ඒ වගෙ තමයි… පසෙක සිටි මා හට ඒ වටිනාකම දීලා … ආදරය දුන්නා.
දවස පටන් ගන්න මුල්ම මොහොත මා වෙනුවෙන් වෙන් කළා.
අනේ රත්තරන්…
මම හරිම වාසනාවන්තයි
ඔය ආදරේ ලබන්න තරම්ම

------

කැලේ පිපුනු මල සුවඳ හමන්නෙ කැලේට විතරමයි.
හිතේ උපන් ආදරය හමා යන්නෙ, ඔයා ලඟට විතරමයි.


Kale pipunu mala suwanda hamanne kaleta witharamai.
Hithe upan adaraya hamaa yanne, oya langata witharamai.

------

සිත්තම් කරමින් මනසෙ ඔබ රුව...
කවදා හෝ යලි දකින තුරා…
රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ...
යලි මගේ සවනට වැදෙන තුරා…
විඳින්න දුන් ජීවිතය අරන් මම,
විඳවන්නද මේ භවය පුරා.


Siththam karamin manase oba ruwa..
Kawada ho yali dakina thura..
Raw piliraw de asena obe handa,
yali mage sawanata wadena thura..
Windinna dun jeewithaya aran mama, windawannda me bhawaya puraa.

-------

ඔයා මගේ හදවතට ලං උනා ආදරයෙන්...
හිතම අරන් ගිහින්, මටත් හොරෙන්...
දෙන්නේ නෑ කියා දනිමි මගෙ හිත යලිත්...
දෙන්නට හැකි නොවුවත්...
දෙන්න ඔබේ හිතම පමනක්.

-------

ආදරේ ගැන කවි ලියන්නට,
ලියු කවි පද හද බඳින්නට මග විවර කර,
නව පිවිසුමකට රැගෙන ගිය මා,
තනි වෙලා, අද තනිවෙලා.
අද ඒවි යැයි, හෙට ඒවි යැයි, සිතුවා, මා වෙත නුඹ යලි.
ඒත්... අදටත් ආවේ නැත, නුඹ,
කිමද? මා අමතක කර දමා.
එන්න මා වෙත යලිත් පෙර මෙන්,
නැවුම් ගී ගෙන, මග සදා,
දන්නවද මා කවුද කියලා?...
සිතේයි මා හැඳුනුවේ නෑ කියා. 

aadharea gAna kawi liyannata, liyu kawi padha hadha banndhinnata maga wiwara kara, nawa piwisumakata rAgena giya maa, thani welaa, adha thaniwelaa.
adha ewayi yAyi, heta eawyi yAyi, sithuwa, maa wetha nuBa yali
eath, adhatath aawea nAtha, nuBa, kimadha? maa amathaka kara dhamaa. 
------

සිහිනෙන් මට ඔබ
පෙනේන රැයේ,
රෑ කුමාරිකා මල්
සුවඳ දැනේ.
පසුදා ඔබ හා
දොඩමලු වන්නට,
පියවි ලොවට එමි,
නිදි වරන පැයේ.
Good Morning පැටියෝ! 
------

අපි දෙන්නාගෙ මේ බැඳීම නිසා,
මගේ හිත කොච්චර සුවපත් වෙනවද
කියලා දන්නවද? රත්තරන්...
හැම මොහොතකම
මගෙ ලඟින්ම ඉන්න.
ජීවත් වෙන්න
මට ඒ ටිකම ඇති.
------
 
බදුලු ඔයෙන් එහා ඉමේ...
සමනලයින් ජෝඩුවක්,
එකිනෙකාට තුරුල් වෙලා...
තෙපුලයි පෙම් කතාවක්,
කවුලු දොරෙන් එබී බලා...
දැහනට සම වැදී ගිහින්,
අපි දෙන්නගෙ පුන්චි ලොකේ...
තනි ඌව නිමේශයක්.

badhulu oyen ehaa imea,
samanalayin joaduwak.
ekinekaata thurul welaa,
thepulai pem kathawak.
kawulu dhoren ebee balaa,
dhAhanata sama wAdhee gihin.
api dennage punchi loke,
thani uuwa nimeshayak.
------
 
සිහිනෙන් මට ඔබ පෙනෙන රැයේ,
රෑ කුමාරිකා මල් සුවඳ දැනේ.
පසුදා ඔබ හා දොඩොමලු වන්නට,
පියවි ලොවට එමි නිදි වරන පැයේ.

Good Morning!
sihinen mata oba penena rAyea,
rAa kumaarikaa mal suwanndha dhanea.
pasudhaa oba haa dhodomalu wannata,
piyawi lowata emi,
nidhi warana pAyea.
Good morning!
------
 
සුසිනිදු බව ඇති,
සමනල තටුවක,
රහසක් ලිව්වා,
නිසල හදින්...
සසලව තිබු සිත,
නිසල වී ගියේ,
ඔබ හද මඩලේ...
රැඳුනු බැවින්.

susinidhu bawa Athi samanala thatuwaka,
rahasak liwwaa nisala hadhin...
sasalawa thibu sitha nisala wee giyea,
oba hadha madalea rAnndhunu bAwin.
------
 
නැත, දුරකථන ඇමතුමක් වත්...
හුඟාක් වැඩ ඇතැයි, ...මට සිතේ.

nAtha, dhurakathana Amathumak wath,..
hunngaak wAda AthAyi, mata sithea.
------
 
තනි තරුවක් ලෙසින් දිලෙන්නම්,
නීල අම්බරේ,..
සේද වලාවක් ලෙසින්,
පායා එන්න,..
ආදරේ ඇතිරූ,
මංමාවත දිගේ...

thani tharuwak lesin dhilennam, neela ambare..
sedha walaawak lesin paaya enna,..
aadhare Athiru manmaawatha dige.
------
 
ඉඟි කෙරුව දා...
ආදරේ දරාගෙන,
මුනිවත රැක්ක දා...
හිත තුල රඳාගෙන,
සැඟවී ඉන්න බැ...
ආලය සඟවාගෙන, සිතුවිල්ලකින් එව්වා...
කවියකට නගාගෙන.

inngi keruwa dhaa aadharea dharaagena..
muniwatha rAkka dhaa hitha thula ranndhaagena..
sAnngAwa inna bA aalaya sanngawaagena..
sithuwillakin ewwa kawiyakata nagaagena.
-----
 
නෙතට හොරා.. ඉඟියක් කෙරුවාද?
මුවට හොරා.. පෙම්බස් දෙඩුවාද?
හිතට හොරා.. ආලය බැඳුනේද?
ලොවට හොරා.. අපි පෙම්වන්තයෝ නේද?..

nethata horaa inngiyak keruwaadha?
muwata horaa pembas deduwaadha?
hithata horaa aalaya bandhuneadha?
lowata horaa api pemwanthayo nedha?..
------
 
මලක් වෙලා පිපෙන්නත්,
සුවඳ වෙලා හමන්නත්,
අතු අග්ගිස්සෙ දිලෙන්නත්,
පින් කලාලු... අනන්තයක්...

malak wela pipennath,
suwanndha wela hamannath,
athu aggisse dhilennath,
pin kalaalu... ananthayak...
------
 
නිසලව ගලන ගඟ වගෙ නොවේ,
ගල්පර වල හැපෙමින්...
පෙන බුබුලු නඟ්වමින් ගලන නදිය හරිම අලන්කෘතයි.
බාදක මැදින් ඉදිරියට යන ආදරයත් ඒ වගේ.
හරිම සුන්දරයි.

Good Night Ratharan!
nisalawa galana gannga wage nowei,
galpara wala hApemin...
pena bubulu nanngwamin galana nadhiya harima alankruthayi.
baadhaka mAdhin idhiriyata yana aadharayath ea wagei.
harima sundharai.
Good Night Ratharan!
-------
 
ඇසල සඳ නැගෙන තුරු,
රන් තාරුකා බලා හිඳී.
රන් තරු නැගෙන තුරු,
සැඳෑ හිරු බලා හිඳී.
සැඳෑ හිරු නැගෙන තුරු,
උදා හිරු බලා හිඳී.
උදා හිරු නැගෙන තුරු,
මා දෙනෙත් බලා හිඳී.
ඔබව නෙතු ගැටෙන තුරු,
දෙනෙත් නොඉවසිලි වී හිඳී. 

Asala sanda nagena thuru,ran thaaruka balaa hindee.Ran tharu nagena thuru sanda hiru balaa hindee.Sanda hiru nagena thuru udaa hiru balaa hidee.Udaa hiru nagena thuru maa deneth balaa hindee.Obawa nethu gatena thuru deneth noiwasili wee hindee.
         
------

හපුතලේ කඳු වැටියට දිනිඳු පායලා...
මීදුම් රැල්ලේ පිනි කැට විනිවිදව ගලයි..
සේපාලිකා මල් සුවඳින් සුවඳයි, උදැසනම...
හාදු වැස්සක් අරන් අවා...
ඔන්න, මම...
ඔය සුවඳ කුටියට...


Haputhale kandu watiyata dinindu paayala..
Meedum ralle pini kata winiwidawa galai..
sepalika mal suwandin suwandai, udasanama..
Haadu wassak aran awa..
Onna, mama..,
oya suwanda kutiyata.

------

දහසක් වැඩ තිබුනත්,
විඩාවක් නොම දැනෙයි ගතට... මෙන්ම සිතටත්...
හද ගැස්මට වෙන්කලා...
තත්පරයක්,
ආදරෙන් අමතන...
සිතට මොහොතක් ලං වෙන්න...


dhahasak wada thibunath,
vidaawak noma dhaneyi gathata...
menma sithatath...
hadha gasmata wenkalaa...
thathparayak,
aadharen amathana...
sithata mohothak lang wenna...

------

පෙර වගේ ලඟට වී...
පෙම්බස් නොදෙඩුවත්,
පපු තුරුලේ උනුසුමට...
ගුලි වෙන්න නොආවත්,
එදා බැඳි ආදරේ...
එලෙසින්ම රසවත් ,
අද මෙන්ම මතුවටත්..
මම ඔබේමයි... සත්තයි...


pera wage lanngata wee...
pembas nodheduwath,
papu thurulea unusumata...
guli venna no aawath,
edhaa bAndhi aadhare...
elesinma rasawath ,
adha menma mathuwatath..
mama obeamayi... saththayi...

------

බදුලු ඔය සිසිලසයි...
කඳු වැටිවලින් දැකුම්කලුයි...
නිලඹරේ සියොතුන් කැලයි...
මේ හැමටම හොරා...
බැඳු ආදරේ පුසුඹ රැව් පිලි දෙයි...


badulu oya sisilasayi...
kandhu wAtiwalin dhAkumkaluyi...
nilambarea siyothun kAlayi...
me hAmatama horaa...
bAndhu adharea pusumba rAw pili dheyi

------

මට කොච්චර... ආදරේද කියලා, නිතර නිතර කියන්න...
එහෙම නොකිව්වොත්, මගෙ හදගැස්ම නවත්තපු...
"මිනිමරුවා" ඔයා වෙන්න පුලුවන්...


mata kochchara... aadhareadha kiyalaa, nithara nithara kiyanna...
ehema nokivvoth, mage hadhagAsma nawaththapu...
"minimaruwaa" oyaa venna puluvan...

------

“ජීවිතය”, “ලස්සන” වෙන්න නම්,
“ආදරය”, “අවංක” වෙන්න ඔනේ...
ඔයයි මගෙ ජීවිතේ ලස්සන කරේ...


“jeevithaya”, “lassana” venna nam,
“aadharaya”, “ava\nka” venna onea...
oyayi mage jeevithea lassana karea...

------

"ආදරේ"... පැහැදිලි කරන්නත් බැහෑ, පෙන්නන්නත් බැහෑ...
"ආදරේ"... කරන්න විතරයි පුලුවන්, එතකොට ඉබේම දැනෙනවා...


"aadharea"... pAhAdhili karannath bAhAa, pennannath bAhAa...
"aadharea"... karanna vitharayi puluwan, ethakota ibeama dhAnenawaa...

------

දිවා රෑ නොනිදනා... නගරයක සිට දුර ගෙවා... සීතලට මිහිදුම් උනා... ගමට ආවෙ ඔබ සොයා.. පුන්චි වදනින් රිදුනි නම් සිත... දහස් වර අයදිමි සමා... හීනෙකින් වත්.. කිසිදාකවත්... නොසිතමි... රිදවනු කියා...


dhiwaa rAa nonidhanaa... nagarayaka sita dhura gewaa... seethalata mihidhum unaa... gamata aawe oba soyaa..
punchi wadhanin ridhuni nam sitha... dhahas wara ayadhimi samaa... heenekin wath.. kisidhaakawath... nosithami... ridhawanu kiyaa...

-----

උදා වූ හැම දිනම, නැවුම් හැඟුමන් තුලින්...
සිත අරන් බොහෝ දුර ගියේ, නුඹ සොයා තමයි...
සුමුදු මද නල දිගේ, හිතේ තිබු ආදරේ...
සුසුමකින් පා කලේ, නුඹ වෙත තමයි...
නොසන්සුන් දනව්වේ, සන්සුන් නිනව්වේ...
නොහිඳ, මගෙ සිත සෙව්වේ.. නුඹවම තමයි...


udhaa wuu hAma dhinama, nawum hAnnguman thulin...
sitha aran bohoe dhura giyea, nuBa soyaa thamayi...
sumudhu madha nala dhigea, hithea thibu aadharea...
susumakin paa kalea, nuBa wetha thamayi...
nosansun dhanawwea, sansun ninawwea...
nohinndha, mage sitha sewwea.. nuBawama thamayi... 

-----

 

පුර හඳ නොවුනාට කමක් නැතේ, අමාවක සඳක් නොවී...
සමන් පිච්ච මලක් නොවුනාට කමක් නැතේ, නියඟලා මලක් නොවී... සිකුරු තරුව නොවුනට කමක් නැතේ, ගිලිහෙන තරුද නොවී...
මුහුනෙ සිනාහව නැතුවට කමක් නැතේ, දෑසට කඳුලු නොදී...


pura hanndha nowunaata kamak nAthea, amaawaka sanndhak novee...
saman pichcha malak nowunaata kamak nAthea, niyanngalaa malak novee... sikuru tharuwa nowunata kamak nAthea, gilihena tharudha novee...
muhune sinaahawa nAthuwata kamak nAthea, dhAasata kanndhulu nodhee... 

-----

 

මගෙ හිතේ ඉඩක් තියෙන බව දැනගත්තේ,
ඔයා එහි ලැගුම් ගත්තම තමයි…
ආයෙ කවදා හෝ මගෙ හිත තනි කරන්නනම් එපා…
එහෙම උනොත්, තනිකම දරාගන්න බැරිව, මගෙ හදවත නවතියි…


mage hithea idak thiyena bawa dhAnagaththea,
oyaa ehi lAgum gaththama thamayi…
aaye kavadhaa hoe mage hitha thani karannanam epaa…
ehema unoth, thanikama dharaaganna bAriva, mage hadhavatha navathiyi... 

------

කොයිතරම් රුව, නෙත ගැටුනත්…
කොයිතරම් අය, කතාබස් කලත්…
කොයිතරම් ලෝකය, ලොකු උනත්…
මගෙ මේ පුන්චි ලොකයේ, ඉන්නේ ඔයයි,මමයි විතරයි…
පිටතින් පෙනෙන ලොකු ලෝකයට වඩා...
මේ අභ්යන්තර පුන්චි ලෝකය හරිම සුන්දරයි...
ආදරයෙන් පිරිලා… ඉතිරෙනවා…
ඒක දැනෙන්නෙත්, විඳින්නෙත්, අපි දෙන්නා විතරයි. 

------

ලිව්වා දහස් වර…
දෙනෙතින් දුටුවාද?
කිව්වා දහස් වර…
සවනට ඇසුනාද?
පෑවා මදහසින්…
හදවතේ ලැගුම් ගත්තද?
කවදාවත්ම…
මාව අමතක වෙන්නෙ නෑ නේද? 

-------

පාලුයි... අඳුරුයි…
හැමතැනම සිත ඔබව සොයනවා...
එනමුදු ඔබ ලඟ නොමැති බව,
සිත කියාපානවා…
ගතින් ලඟ නැති උනත්,
සිතින් ඔබ ලඟම බව,
දහස්වර සිතට මම කියනවා… මෙතෙක් ඔබ නැතිව ගෙවූ කල දවසේ,
අඩුව දැන් දැනෙනවා. 

-----

ඊයෙත් නොවේ, හෙටත් නොවේ, අදයි හොඳම දවස... ලෝකය වටෙ සැරිසරන්නට පුන්චි පියාපත් දෙකක් ඇති. අපිට ආදරය කරන කෙනෙක් ලඟ ඉන්නව කියලා දැනෙනකොට ලඟට දුවගෙන එන්න හිතෙනවා...
ඒ උනත් ගෙවුනු දිනයන්හි මතකයන් අද තනිව සිහි කරනව. 

------

කිරි වෙහෙර වගෙ, සුදට සුදේ හදවත පින්බරයි...
පුර පෝදා සඳටත්, වැඩියෙන් අරවින්දයක් ගෙනෙයි...
ඔබ හදේ ඇතිරු පූජාසනේ,අවසරද ඇති හැඩයි...
මල්මී පිරිලා සුවඳ දෙන්න, ලැගුම් ගෙන හිඳී... 

------

අවංක නැති කෙනෙකුට ආදරය කරලා රැවැටෙන්න එපා…
ඒ වගෙම…
අවංකව ආදරය කරන කෙනාව රවට්ටන්නත් එපා… 

------

මගෙ හිතේ ඔයාට තියෙන ආදරෙ....
මිරිඟුවක් නෙවේ...
ගලක කෙටු සෙල්ලිපියක් වගෙ...
කවදාවත් මැකෙන්නෙ නම් නැහැ... 

------

ගඟක් වෙලා මම ගලන්නෙ මුව දොර ඔබ, ඇතැය් කියා...
මලක් වෙලා මම පිපෙන්නෙ, නටුව වෙලා ඔබ මා රැක ගන්න නිස...
සඳක් වෙලා මම දිලෙන්නෙ, නුබ ගැබෙ හිමි නුඹය් සිතා..
මගෙ හද මම ඔබට දෙන්නෙ, ඔබෙ හද මගෙ ලඟම නිසා.. 

-----

විකසිත කුසුම් සුවඳින් නැහවේ සවස…
ඒ සුවඳටම එක් වුනු සුවඳ දුම් වල…
මිහිරත් සමග සැනහේ බෝ මැද සෙවන...
බන හඬින් නැහැවේ සතගෙ දෙසවන...
නමුදු...සියලුම සතට හොරැහින් මාගෙ නොහික්මුනු සිත...
මටවත් නොදැනීම සෙව්වා ඔබෙ රුව…
ඇසුවා දහස් වර කිමදො යැය් සිතින් මගෙ...
හැදුව නතර කර ගන්නට නිවන් මගෙ..
දැරුවා පුන්චි වෙහෙසක් මේ සසර මගෙ.. යනවා නම් නිවන් යන්නට... ඔබ හා මෙ භවයේ..


wikasitha kusum suwanndhin nAhawei sawasa…
A suwanndhatama ek wunu suwanndha dum wala…
mihirath samaga sAnahei bo mAda sewana...
bana hanndin nAhAwei sathage dhesawana...
namudhu...siyaluma sathata horAhin maage nohikmunu sitha...
matawath nodhAneema sewwaa obe ruwa…
Asuwaa dhahas wara kimadho yAy sithin mage...
hAdhuwa nathara kara gannata niwan mage..
dhAruwaa punchi wehesak mea sasara mage.. yanawaa nam niwan yannata... oba haa me bhawayea.. 

------

මට ඇත්තටම ආදරේ නම්...
free වෙලාවට විතරක් call කරන්න එපා...
මට call කරන්න වෙලාව free කරගන්න.. 

------

 වැස්සට සීතලෙ පින්නෙ තෙමෙනු එපා.. මිහිදුම් කිරන අතරෙ සැඟවෙන්න එපා... මොර සූරන වැසි වැස්සත් මුතු කුඩ ඉහලන්න එපා.. නොලැබෙනා ආදරය දෝතට ගන්න එපා..'


wAssata seethale pinne themenu epaa.. mihidhum kirana athare sAnngawenna epaa... mora soorana wAsi wAssath muthu kuda ihalanna epaa.. nolAbenaa aadharaya dhoethata ganna epaa.. 

------

වැස්සට ගොඩවෙනව වගෙ…
කරදර අපේ ජීවිතවලට එනව…
එවා ආපු ඉක්මනටම ආපහු යනවා…
එත් එ කරදර සදාකාලික නෑ…
ඔබෙ හිතත් නිවී පහන් වේවා!

wassata godawenawa wage, karadara ape jeewitha walata enawa.ewa aapu ikmanatama aapahu yanawa.eth a karadara sadaakalika na. obe hithath niwee pahan wewa!

------

ආදරනීය වචන වලින්... ආදරෙන් කතා කරන විට...
තත්පරෙන් තත්පරෙ...
තව තවත් ඔය හදවතට ලං වෙනවා…
දුර ඈතක හිටියත්...
පියාඹලා ඇවිත් තුරුලු වෙන්න හිතෙනවා…
මේ තරමටම ජීවිතයට… සමීප වෙය් කියලා…
කවදාවත්ම හිතුවෙ නෑහැ මම...
ඒත්, දැන් ඔයා ගැන නොසිතන…
තත්පරයක් වත් ගෙවෙන්නෙ නැති තරම්…
එ තරම්ම මතක් වෙනවා…
එ ගැන වචනයෙන්… විස්තර කරන්න බැරි තරම්…
එ නිසය් SMS එකෙන් ගලපන්නෙ...


aadharaneeya wachana valin... aadharen kathaa karana vita... thathparen thathpare... thawa thawath oya hadhawathata la\n wenawaa… dhura Aathaka hitiyath... piyaaBalaa Awith thurulu wenna hithenawaa… mea tharamatama jeewithayata sameepa wey kiyalaa kawadhaawathma hithuwe nAahA mama... eath, dhAn oyaa gAna nosithana thathparayak wath gewenne nAthi tharam… e tharamma mathak wenawaa… e gAna wachanayen wisthara karanna bAri tharam… e nisay SMS eken galapanne...

------

"ඔයා තරහා වුනාම දුකය්"
කියලා, ලොකු කලු ගල් වල ලියලා ඔයා ඉන්න තැනට විසික් කරනවා... ඒවා ඔයාගෙ ඔලුවට වැදුනම තේරෙය්... මට කොච්චර රිදෙනවද කියලා...


"oyaa tharahaa vunaama dhukay" kiyalaa, loku kalu gal vala liyalaa oyaa inna thAnata visik karanawaa... eavaa oyaage oluwata vAdhunama thearey... mata kochchara ridhenawadha kiyalaa...

------

වසන්තයක් වී, සදානඳ කර…
හමාපු සුවඳ විජිතයෙ සීතල පවන් රැලි ගත දැවටුනාදො?...
කලුවර මැදින් අරුනැල්ලක් දුටුවාදෝ…
රියසකටත් වෙඩියෙන් ඔබ හදවතෙ ස්වරය දුර යාදෝ?...
මගෙ ආදරනීය සිතුවිලි වල සුවඳ දැනුනිදෝ?...
ඔබය් මගෙ හදවතෙ රඳි, සල් සමන් පොදෙ!

Wasanthayak V, Sadaananda Kara, Hamaapu Suwanda Wijithaye Sheethala Pawan Rali Gatha dhAwatunaadho?
Kaluwara Madin Arunallak Dutuwado?
Riyasakatath Wediyen Oba Hadawathe Swaraya Dura Yado?
Mage Aadaraneeya Sithuwili wala Suwanda Danunido?
obai Mage Hadawathe Radhi, Sal Saman Pode!

------

සුලඟක් වගෙ හමන...
නදියක් වගෙ ගලන...
සුවඳක් වගෙ විහිදෙන...
අපරිමිත වු සෙනෙහසින් ගෙනෙන්නම්…
දවසටම සුභාසින්සන...
Good Morning!!!

sulanngak wage hamana...
nadhiyak vage galana...
suwanndhak vage vihidhena...
aparimitha vu senehasin genennam…
dhavasatama subhaasinsana...
Good Morning!!! 

------

 

ආදරය කරන්න පුලුවුවන් නම්, වෙන කිසිම දෙයක් ඔනෙ නැහ...
ආදරය කරන්න බැරි නම්, වෙන මොනව තිබුනත් වැඩක් නැහ...


aadharaya karanna puluwuwan nam, vena kisima dheyak one naha...
aadharaya karanna bari nam, vena monawa thibunath vadak naha... 

------

ගතට සීතලක් දෑනුනා, හමා ආ සුලන් රෑල්ලක් නිසා. පයට කිතිකමක් දෑනුනා, සුදු වෑල්ලෙ පය තෑබු නිසා. මුවට මදහසක් නෑගුන, දෙතොල් ගොලු වී තිබු නිසා. කවිකමක් ලියවුනා, මාසිතට ඔබ මතක් වු නිසා. 

------

උදේ හෑරුනාම ඔයාවම විතරය් මතක් වෙන්නෙ...
ඔයාගෙ උනුසුම, ඔයාගෙ ස්වීට්නෙස් එක...
ඉබේම මගෙ ලිප්ස් ඔයාට ලන්ග් වෙනවා...
මගෙ Tea Cup එක... Good Morning!!! 

------

සිනා පිපෙනා මෙ වසන්තය...
නෙලා දොතින්... මලක් සෙ....
මගෙ ලොව වෙත...
ඔබය්, ගෙන ආවෙ...
සිනාසී... වසන්තයෙ මලක් සෙ...

sinaa pipenaa me wasanthaya...
nelaa dhothin. malak se....
mage lowa wetha...
obay, gena aawe... sinaasee... wasanthaye malak se. 

------

Good Morning! Sheethalata Thurulu We Hindinna Unusumak Welaa Ennaam Oba Langata.

-----

ආදරේ කරාටයි බය හිතුනටයි පස්සේ,
ගොඩාක් ආඩම්බරේ හිතෙනවා,
කඳුලු වලින් පස්සේ, රෑ වෙනවා,
සියළුම වචන ඉවර වුනාට පස්සේ,
එක පහනකුයි එක පුටුවකුයි ඉතුරු වෙනවා.
දැන් මම, ඔයාට ගොඩාක් ආදරෙයි.
------


ආදරය කියන්නේ,
දෙන්නෙක් විතරක් කරලා,
දෙන්නම දිනන එකම ක්රීඩාව,
මම ඔයාට ගොඩාක් ආදරෙයි.
------