Sinhala Madin Poya Day Wishes | මැදින් පෝය  දින වැදගත්කම ⁣| Madin Poya Subapathum | පින්බර මැදින් පෝය දිනයක් වේවා | Madin Poya Day Facebook Status | Madin Poya Day Whatsapp Status | Madin Poya Greetings | Madin Poya Good Morning Wishes, Messages, Nisadas, Quotes.


කලගුණය මුදුන්පත් වෙන ,කල්යාණ මිතුරු ඇසුර ලැබන උතුම් මැදින් පෝය මංගල්ලය දිනයක් වේවා,,මුලු ලෝකයත් ලංකා මව් රටත් තෙරුවන් ගුන බලයෙන් සුරකේවා,!!!දලදා හිම් පිහිටයි ඔයාට...

-----

 

 
උතුම් මැදින් පෝය දිනයක් වේවා ඔබ සැමට ...
 

 
යහපත් සිතුවිලි වලින් සිත්සතන් ඒකාලෝකමත් වන උතුම් වූ මැදින් පෝය දිනයක් වේවා!
 

 
පිංබර මැදින් පුර පසළොස්වක පෝය දිනයක් වේවා.
 






 

මැදින් පෝය දින වැදගත්කම ⁣
(1) බුදුරජාණන් වහන්සේ පළමු වරට සිය ශාක්ය වංශික නැදෑ හිතමිතුරාදින් වාසය කරන කිඹුල්වත් නුවරට වැඩම කොට ඔවුන්ට ධර්මය දේශනා කිරීම.⁣
අප බුදුරජාණන් වහන්සේ පළමුවරට ශාක්ය වංශිකයින් ජීවත්වන කිඹුල්වත් නුවරට රජගහ නුවර වේළුවනාරාමයේ සිට වැඩම කළේ මැදින් පෝය දිනයේය. ස්වකීය පියාණන් වූ සුද්ධෝදන රජතුමාගේ ආරාධනය පරිදි සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදවා ගැනීම උදෙසා ඔවුන්ට ධර්මාවබෝධය ලබාදීම අරමුණ කොටගෙන වැඩි බුදුරජාණන් වහන්සේ ඔවුන්ට සසරින් එතෙරවීමට මඟ පෙන්වා දුන් සේක. ⁣
සුද්ධෝදන රජු සකෘදාගාමී ඵලයට පත්වීමත් රජු උදෙසා ධර්මපාල ජාතකය දේශනා කිරීමත් මහා ප්රජාපති ගෝතමී දේවිය සෝවාන් පලයට පත්වීමත් සිදු වුයේ මෙම මැදින් පෝය දිනයේදීය. ⁣
එමෙන්ම නන්ද කුමරු හා රාහුල කුමරු ධර්මාවබෝධය ලබාගත් අතර ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පැමිණියේ ද මෙම පෝය දිනයේදීය. ⁣
(2) යශෝධරා දේවියගේ ගුණ වර්ණනා කෙරෙන සඳ කිඳුරු ජාතකය දේශනා කිරීම ⁣
සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම පරිදි යශෝධරා දේවිය බැහැ දැකීමට සුද්ධෝදන රජු සමඟ පැමිණි බුදුරජාණන් වහන්සේට රජු විසින් "ස්වාමීනි, යශෝධරා දේවිය ඔබ වහන්සේ කසාවත් හැඳින බව අසා ඇයද කසාවත් හැඳින්නට වුවාය. නුඹ වහන්සේ එක වේලක් පමණක් වළඳන බව අසා ඇය ද එක වේලක් පමණක් වැළඳුවාය. ඔබ වහන්සේ උස් අසුන් අත්හැරි බව අසා ඇය ද උස් අසුන් අත්හැරියය. ඔබ වහන්සේ සුවඳ විලවුන් අත්හැරි බව අසා ඇය ද සුවඳ විලවුන් අත්හැරියාය. ඔබ වහන්සේ මහණ වූ බව අසා කෙතරම් විවාහ යෝජනා පැමිණියද ඒවා ප්රතික්ෂේප කළාය" යනුවෙන් ඇයගේ ගුණ වර්ණනා කළේය. ⁣
මෙය අසා සිටි බුදුරජාණන් වහන්සේ යශෝධරා දේවිය මෙම ආත්මයේ පමණක් නොව පෙර ආත්ම භවයන්හිදී ද මෙසේ ගුණ යහපත් බිරිඳක් වූ බව පවසා සඳ කිඳුරු ජාතකය (චන්ද කින්නර ජාතකය) දේශනා කල සේක. ⁣
(3) දෙමාපිය අවසරයෙන් තොරව ළමුන් මහණ නොකිරීමේ නීතිය පැනවීම ⁣
රාහුල කුමරුන්ගේ පැවිද්ද නිසා සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමක ප්රතිඵලයක් ලෙස දෙමාපිය අවසරයෙන් තොරව ළමුන් මහණ කරවීම සිදු නොකළ යුතු බවට ශාසන නීතියක් පැන වූයේද මැදින් පෝය සමයේය. ⁣
(4) මැදින් පෝය ශ්රී ලාංකිකයින්ට වැදගත් වන අන්දම ⁣
මැදින් පෝය මෙරට බෞද්ධයින්ට වැදගත් වන්නේ සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ කඳු මුදුනට යන්නේ මැදින් පෝය සමයේදී වන නිසාය. ඒ නිසා මේ පෝය සිරිපා පෝය ලෙසට ජනතාව අතර මතයක් ගොඩ නැගී ඇත.⁣
පරිසරය වියළි නිසාත් ගමන් යෑමේ පහසුව නිසාත් ජනතාව බක්මහට පෙර සිරිපා වන්දනා කර ගැනීමට වෑයම් කිරීම නිසාත් මැදින් පෝය දිනයේදී බොහෝ ප්රදේශ වලින් බෞද්ධ ජනතාව සිරිපා මළුවට රොක් වෙති.⁣