
මේ ශු.දිනයේ දේව වචනය තුළින් ද අප පෝෂණය කරනුයේ, ඒ වූ විශ්වාසයේ ජීවිතයකට ස්වාමින් වහන්සේ හා අත්වැල් බැඳගෙන ගමන් කිරිමට ය. උන්වහන්සේ නියමිත වේලාව පැමිණි කල, "මා වේදනා විඳිමට පළමුවෙන් මේ පාස්කු භෝජනය ඔබ සමඟ වැළඳීමට ආශා වෙමි"යැයි පවසමින්: අප සමග නතර වන්නට සත්ප්
රසාදීය ස්වාමින් වහන්සේ හා එතුමන්ගේ අමිල සුවදානයේ රිධිරයෙන් නව ගිවිසුම ස්ථාපිත කළ සේක. ඒ ගිවිසුම වූ කලි එදා මුළු මහත් විශ්වයම ජන්ම පාපයේ පිළිලය ගෙන අකීකරුකමේ හා අත්මාර්ථයේ ආහාරය නොව: කීකරුකමේ හා පරිත්
යාගයේ සදා අමරණීය ප්
රේමයේ සළකුණ ය. මෙලෙස එදා රත්
රියේ දි "මා සිහි කිරිම පිණිස මෙය සිදුකරන්න" යැයි පවසමින් විශ්වයේ උත්තම පූජකයාණන්, තම සභාව ජීවනයේ ආහාරයෙන් පෝශනය කරනු පිණිස, මිනිස් ශ්
රමයෙන් උපද්දන දිරා යන ආහාරය සදාකාලික ආහාරය ලෙස තම සිරි සිරුර හා රුධිරය බවට පත් කිරිමට පූජාත්වරය නම් වූ සක්
රමේන්තුව ස්ථාපිත කළ සේක. පාස්කු පූජ්
ය දින ත්
රිත්වයේ පළමු දිනය වන මහ බ්
රහස්පතින්දා හිරු බැසීමත් සමඟ ජේසුස් වහන්සේගේ අන්තිම රාත්
රි භෝජනය සිහිපත් කරන දිව්
ය යාගය ආරම්භ වේ. උන්වහන්සේ දිව්
ය සත්ප්
රසාද වහන්සේ ස්ථාපිත කිරීමත්, පූජකවරය ස්ථාපිත කිරීමත්, පාද දෝවනය මඟින් ලබාදුන් අලුත් ආඥාවත් මෙහිදී විශේෂයෙන් සැමරේ. එම නව පණත (New Mandate - Mandatum Novum) යන්න හරහා බිඳී ආ වචනයකින් අතීතයේ මේ දිනය Maundy Thursday ලෙස හැඳින්විය. මෙදින සුරදූත ගීය ගයත්ම දේවස්ථානයේ සීනු නාද කෙරේ. යළි සීනු නාද කෙරෙන්නේ ආලේලුයියා සෙනසුරාදා රාත්
රීයේ සුරදූත ගීය ගයනා කරන විටදීය.