Celebrate Father's Day with the best Father's Day Wishes in Sinhala, heartfelt Nisadas, WhatsApp Messages, SMS Wishes, Quotes, Greetings, and Status Captions. Discover a beautiful collection of Father's Day wishes for fathers, dads, appachchi, and beloved parents. Share meaningful Sinhala Father's Day messages, emotional quotes, and touching nisadas on WhatsApp, Facebook, Instagram, and SMS. Find the perfect words to express your love, gratitude, and appreciation for your father on this special day with Sinhala Father's Day Wishes, Father's Day Nisadas, Father's Day Quotes, Father's Day SMS, and WhatsApp Messages.

 

If I have any success in my life this is because I am able to understand thoroughly and well what I learned from my Dad and I owe this specially first to him. My father has taught me the importance of hard work and sacrifice not by only his words but through his examples. And some of his life's lessons I learned are :
1. Family first. It is a simple concept. My father has always put his family first and I am beyond thankful for all that he does for us. Now that I am a mom, I realized the importance of family and how wonderful it truly is that family is always there for each other.
2. Your life amounts to the quality of your life, not the quantity in your bank account. Money does not buy happiness because it never will and there is so much more to life than the amount of money you have.
3. Hard work pays off. There is no way my dad could ever take no for an answer. He has worked hard to build a life for us and he is an amazing role model. He never failed to tell me that if I tried my best will turn out what I'm asking for.
4. It is OK to make mistakes. No one is perfect. My dad admit if he is wrong and every stupid, silly mistake that I made growing up is now looked at as a learning experience. I am allowed to fail without being a failure.
5. Be adventurous, because you only live once.Throughout my life, I hope to live just as adventurously as my father does.
So Dad, thank you for always being there for me and always encouraging me. Thank you for teaching me right from wrong. Dad, you will be always the BEST DAD for me and thank you for being my best friend and my number one fan. I love you and HAPPY FATHER'S DAY ! I LOVE YOU DAD !
---------
 
A father is the first hero in my life.
Whenever I fell, you were the one who lifted me up.
Whenever I faced failure, you were the one who gave me strength and said, “You can do it, my child.”
Today, I understand the scars on your hands.
They are not just ordinary scars, they are the marks of every sacrifice you made to give us a better tomorrow.
There were days when you hid your pain behind a smile.
There were nights when you buried your exhaustion and worked tirelessly to make our dreams come true.
Dad,
You have given me much more than money or possessions.
You have taught me honesty, courage, love, and the strength to face life with confidence.
On this Father’s Day, there is only one thing I want to say...
“Dad, you are the greatest blessing in my life.
Of all the gifts this world could ever give me, the most precious one is having you as my father.
Even though I may not say it often, from the deepest part of my heart, I love you more than words can express.”
Happy Father’s Day, Dad!
You are the silent hero of our family, and you always will be.
----------
 
එයාගේ ලෝකේ රැජිණියෝ තුන් දෙනෙක්
එක කෙනෙක් නෙමෙයි, දූලා තුන් දෙනෙක්
උදේ ඉඳන් රෑ වෙනකන් දුවන තාත්තා
ඒ තුන්දෙනාගෙ හීන වලට පාර හදන තාත්තා
දූ කෙනෙක් අඬද්දි ලෝකෙම නතර කරන
දූ කෙනෙක් හිනාවෙද්දි හදවතින්ම හිනාවෙන
දූලා තුන්දෙනාගේ එකම ආරක්ෂකයා
කිසිම cape එකක් නැතුව දවසම fight කරන
"දුවේ පරිස්සමින්" කියන වචන තුනෙන්
ජීවිතේම කියලා දීපු පාඩම
කකුල් පැටලෙන හැම තැනකම
"තාත්තා ඉන්නවා" කියලා හයිය දුන්නු හිත
තාත්තේ, ඔයා දුවෙක්ගෙ නෙමෙයි
දූලා තුන් දෙනෙක්ගෙ තාත්තා
ඒ බර දරාගෙනත් හිනාවෙන් ඉන්න
ඔයාට තියෙන්නේ යකඩ හිතක් නෙමෙයි
දුවලටම වෙන් වුණු රත්තරන් හිතක්...
----------
 
මම ඔබට නිතර කියන්නේ නැති වුණත් මම ඔබට ගොඩාක් ආදරෙයි තාත්තේ.
මගේ තාත්තා කරන හැම කැපවීමටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා . තාත්තා මගේ ජීවිතයේ ලොකු ශක්තියක් මම ඔබගේ පුතා වීම ගැන මම හැමදාම ආඩම්බර වෙනවා. ආදරයෙන් ඔබේ පුතා...
----------
 
කුමට කවි නම් ......
ලියනු බැරි නම්.....
එකදු වදනක්....
රැදුනි මතකයේ....
ඔබම පමනි ...
ආදරනීය තාත්තේ...
අනේ ඒයාව මං මගෙ ඇස් දෙකෙන්වත් දැකලා නෑ. හැමවෙලාවෙම එයාගෙ ආදරය මොන වගෙද කියලා හිතින් අහන වාර අනන්තයී. I love you but i miss you . ❤️🖤..
-----------
 
“A father is someone you look up to no matter how tall you grow.”
“Any man can be a father, but it takes someone special to be a dad.”
“A father’s love is reflected in the strength and confidence of his children.”
“The greatest gift a father can give his children is his time.”
“A good father is one of the most valuable assets a family can have.”
-----------
 
"තාත්තා... ඒ වචනය අකුරු හයක් විතරක් වුණත්, ඒ තුළ සැඟවුණු ආදරේ, කැපකිරීම්, ශක්තිය සහ වගකීම වචනවලින් විස්තර කරන්න බැහැ. දරුවෙක්ගේ පළමු වීරයා, පළමු ආරක්ෂකයා, පළමු ගුරුවරයා සහ ජීවිතේ ලොකුම හයිය තාත්තායි. අපි සතුටින් හිනාවෙන්න, හොඳින් ඉගෙන ගන්න, අපේ හීනවලට පියාඹන්න, එයා තමන්ගේ හීන නිහඬව පසෙක තබනවා. අපිට අලුත් ඇඳුමක් අරන් දෙන්න එයා පරණ ඇඳුමෙන් සෑහීමකට පත් වෙනවා. අපිට හොඳ කෑමක් කන්න දෙන්න එයා තමන්ගේ බඩගින්නත් හංගනවා. අපිට ජීවිතේ ලස්සන මාවතක් හදන්න එයාගේ දෑත් දහඩියෙන් තෙමෙනවා. ඒ දහඩිය බිංදු හැම එකක්ම අපේ අනාගතය වෙනුවෙන් ලියපු ආදර කවි වගේ.
තාත්තාගේ ආදරේ හැමදාම වචනවලින් ප්රකාශ වෙන්නේ නැහැ. 'පරිස්සමින් යන්න', 'කාලා යන්න', 'මුදල් තියෙනවද?' කියන සරල වචන ඇතුළේ තියෙන්නේ ලෝකෙම වටිනාම ආදරේ. අපිට කරදරයක් වෙලා කියලා දැනුණාම මුලින්ම කලබල වෙන්නේ එයා. අපි ජයග්රහණය කරන දවසේ නිහඬවම ඇස්වල කඳුළු පුරවගෙන ආඩම්බරයෙන් හිනාවෙන්නේත් එයා. තමන්ගේ වෙහෙස ගැන කවදාවත් කියන්නේ නැති, තමන්ගේ දුක දරුවන්ට බරක් වෙයි කියලා හැමදාම හංගගෙන ඉන්න හදවතක් තමයි තාත්තා.
කාලය ගෙවෙද්දී අපි ලොකු වෙනවා. අපේ වගකීම් වැඩි වෙනවා. ඒත් එදා අපේ අත අල්ලගෙන ඇවිද්දපු තාත්තාගේ අත අද ටිකෙන් ටික වයසට යනවා. ඒ අත්වල රැළි හැම එකක්ම අපි වෙනුවෙන් කරපු කැපකිරීම්වල සලකුණු. ඒ නිසා තාත්තා අපි ළඟ ඉන්න හැම මොහොතක්ම ආදරයෙන් රැකගන්න ඕනේ. මොකද ලෝකේ මිල අධිකම තෑග්ගවත්, මුදල්වත්, සම්පත්වත් තාත්තාගේ ආදරේට සමාන කරන්න බැහැ.
**මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම ආශිර්වාදය මගේ තාත්තායි. අද මම කවුරු වෙලා හිටියත්, මගේ හැම ජයග්රහණයක් පිටුපසම තියෙන්නේ ඔබේ නිහඬ කැපවීම, ඔබේ දහඩිය, ඔබේ ආශිර්වාදය සහ ඔබේ අසීමිත ආදරයයි. ඔබේ සෙවණැල්ල යට ඉපදීම මගේ ජීවිතේ ලොකුම වාසනාවයි. හැම තාත්තා කෙනෙක්ම සතුටින්, නිරෝගීව, ආදරයෙන් දිගු කලක් ජීවත් වේවා! සුභ පියවරුන්ගේ දිනයක්! ❤️🙏 
----------
 
මගෙ දිවිය ගහක් නං කොළ හැලී
පාළුවට ගිය...
ඉරි තැළුව'මුත් විහිදිලා මුල් මහ පොළොව
බදා ගෙන...
මම වැටුණු හැමදාම මගේ හිත නොදී
නොදිරා ඉන්න...
නොවැටී ඉන්න පණ දුන් මහ පොළොවෙ හයිය මුල අප්පච්චී ඒ නුඹම විය...❤️
----------
 
F orgiving 💛
A dviser 🩵
T eacher 💚
H elper 🧡
E ncouragement 💜
R esponsibility 🩷
තාත්තා කියන්නෙ මගෙ ලෝකයේ ලොකුම වීරයා 🌎🥺
තාත්තා තමයි මේ මනුෂ්ය ලෝකයේ හැමදේම දුන්න දෙවියා ☸️
තාත්තා තමයි මගේ ජීවිතේ පසුපසින් ඉන්න ලොකුම හයිය....💪
මාව දසමාසයක් කුසේ දරන් නොසිටියත් , ලේ කිරි කර නොපෙව්වත් මාව මේ වෙනකන් උස් මහත් කරන්න තාත්තා විඳි දුක් අපමණයි 🫶
පොඩි කාලෙ ඉදන්ම මම ආස දේවල් ගෙනත් දීල , කන්න කැමති රසම රස කෑම මට ගෙනත් දීල 🍫🍬🍭 මාව සතුටින් තියන්න තාත්තා ගොඩක් මහන්සි ගන්නවා...😘😘
එදා පටන් මං ගැන හොයල බලන මගේ ලොකුම ආරක්ෂකයා මගේ තාත්තා 😊❤️ අපගේ සිනා පිණිස තමන්ගේ ජීවිතයේ සතුට සහ සිනහව කැප කරන අපේ අනාගතය ලස්සනට ගොඩනඟපු එකම පිරිමි ආත්මය තාත්තා 😍
තාත්තාගේ ආදරය ඉමක් කොනක් නොපෙනෙන මහ සාගරය වගේ.... මට හම්බ කරල හොඳටම මහන්සියි කියල කවදාවත් නොකියපු සියල්ලම තදින්ම දරාගත් මගේ නිහඬ ආදරවන්තයා තාත්තා 😇💗
ආදරය වචනයෙන් ප්රකාශ නොකරපු ක්රියාවෙන් පමණක්ම ඔප්පු කරපු ජීවිතයේ හොඳම මිතුරා මගෙ තාත්තා... 🥰🥰
පුංචි කාලේ තාත්තගෙ ඔඩොක්කුවට වෙලා පැද්දෙන හැටි , තාත්තගෙ කකුල් උඩ ඉඳන් ඔංචිලි පදින හැටි තාමත් මට මතකයි 🥺💖 මං ලොකු නොවී තාත්තා වයසට නොගිහින් තිබුණා නම් ඒව මතකයන් නොවෙන්න තිබුණා.... ❤‍🩹
පුංචි කාලෙ වගේම දැනුත් හවසට තාත්තා වැඩ ඇරිල ගෙදර එනකන් අපි මඟ බලන් ඉන්නෙ තාත්තා මොනවහරි රස කෑමක් බීමක් ගේන නිසා....🤗 තාත්තා තමාවත් අමතක කරලා දහඩිය වගුරලා අත්වල කරගැට එනකන් දවස පුරාම මහන්සි වෙන්නෙ තමන්ගෙ දරුවො වෙනුවෙන්.... ☺️❣️
පිය සෙනෙහස ගැන වචනයෙන් කියල නිම කරන්න බෑ....💓
තාත්තා කියන්නෙම ජීවිතයට ආලෝකයක් ....💝
තාත්තාගේ දරාගැනීම ගැන මටනම් හිතාගන්නවත් බෑ...✨
ඉතින් මගෙ ලෝකේ මට හම්බුණු පළමු ආදරණීය පිරිමි ආත්මය 💞 මගේ තාත්තේ ඔයා තමයි මගෙ ලෝකේ රජ්ජුරුවෝ 👑
මගේ මතයට අනුව නම් තාත්තා කියන්නෙ වචනයක් වුණාට ඒක ලියලා ඉවර කරන්න බැරි රචනාවක් 💓🌝
මං ඔයාට කියන්න බැරි තරම් ආදරෙයි මගේ තාත්තේ ♥️ 
-------------
 
තාත්තේ මම කව්යක් නම් එහි ම්හිරි පද පොකුර ඔබයි මගේ ආදර තාත්තේ .
මම ගීතයක් නම් එහි ම්හිරි තනු රචනාව ඔබයි මගේ ආදර තාත්තේ .
මම කලුවර අහසක් නම් එයට එළිය දෙන පුන්සද ඔබයි මගේ ආදර තාත්තේ.
මම කතරක් නම් එයට වැටුනු එකම දිය බිඳ ඔබයි මගේ ආදර තාත්තේ ❤❤🙏 
-----------
 
"තාත්තා" කියන වචනයට අදහස් දාහක් තියෙනවා...
ඒ මගේ ශක්තිය, මගේ ආරක්ෂාව, මගේ පළවෙනි ගුරුතුමා ❤️
වැටුන හැම වෙලාවකම අත දික් කරලා "නැගිටින්න පුතේ" කියපු සැබෑ වීරයා.
වචන වලින් ඔයාට ස්තූති කරන්න බෑ Appachchi 🙏
අදටත් මම යන හැම පාරකම ඔයාගේ අඩිපාර තියෙනවා. 
-----------
 
"Strength, Love, Sacrifice, Protection" ❤️
These four words describe my father perfectly. He is the silent hero who works tirelessly to give his family a better life, always putting our happiness before his own. His love is unconditional, his guidance is priceless, and his support gives me the confidence to face every challenge. No matter how difficult life gets, I know I can always count on him. I am grateful for every sacrifice he has made and for the values he has taught me. Happy Father’s Day to the most amazing dad! 🌹💙👨‍👧‍👦 
------------
 
🖊️❤️ මගේ පලවෙනි ආදරේ
විශ්වාසවන්තම පිරිමි රුව
ලඟින්ම ඉන්න ආරක්ෂකය
පන උනත් දෙන යාළුව
ඒ වෙන කවුරුත් නෙමෙයි... තාත්තා
කඳුළු දකින්න අකමැතිම
එක හිනාවක් වෙනුවෙන්
දුක මහමෙර තරම් උහුලන
සංසාර ගත සෙනෙහස
ඒ වෙන කවුරුත් නෙමෙයි... තාත්තා
ජීවිතේ පුරාම කවමදාවත්
හදවත රිදවන්නෙ නැති
හිතේ තියනෙ සැනසීමම
කැපකරන ආදරණීය හිත
ඒ වෙන කවුරුත් නෙමෙයි... තාත්තා
රිදුම් දැනෙන්න නොදෙන
අන්තිම හුස්ම වෙනකම්ම
මුළු හදවතම කැප කරන
ජීවිතේට ලැබෙන යෝධ ශක්තිය
ඒ වෙන කවුරුත් නෙමෙයි... තාත්තා
ඉරක් තරම්ම එලිය අරන් එන
සඳක් වගේ සිසිලස පුදන
ලෝකයක් තරම් විසල් උන
පින්සාරම සොඳුරු දෙව් රුව
ඒ වෙන කවුරුත් නෙමෙයි... තාත්තා
එදා පාසල් දිවිගමනේ
සිප් සතරට සවියක් වූ
අද සරසවි දිවි ගමනට
ශක්තියක් වෙමින්
මා දිවි ගමනේ ජය මාවතේ
ආලෝකයක් වුණු
මාගේ පියාණෙනි
ඔබට මා සදා
ණයගැතියි.
ඔබගේ නිමක්
නොවන ආදරයේ
උරුමක්කාරිය මමයි.
මගේ පලමු
පෙම්වත ද ඔබයි. 
----------
 
දරුවෙක්ව දසමාසයක් කුසේ දරාගෙන නොසිටියාට . . . තමන්ගේ තනෙන් කිරි නොදුන්නාට . . . පිය සෙනෙහස මව් සෙනෙහසට නොදෙවනි වන්නනේ නැහැ...
ඉතින් තාත්තෙක් කියන්නේ මහා මේරුව වගේ මහා ආදරයක් හිතේ හංගගෙන..... මදටිය ඇටයක් වගේ කොටසක් විතරක් එලියට පෙන්නන කෙනෙක්...
"සියලු බර උසුලා
ලෝකය ගෙඩ නැගූ
අකුරු තුනක සෙනෙහෙබර නිහඬ මිනිසා" වෙන කවුරුත් නොව ආදරණීය තාත්තා ය.
සුභ පියවරුන්ගේ දිනයක් වේවා සියලුම පිය වරුන්ට 🙏 
----------
 
මගේ අප්පච්චී
හොඳ ගුණ දම් කියා දෙමින්
අප රකිනා අප්පච්චී
මලක් වගේ සුවඳ දෙමින්
හිත පුරවන අප්පච්චී
පාඩම් වැඩ කියා දෙමින්
ආදරයෙන් රැක ගනිමින්
පුංචි අපිව තුරුලු කරන්
ආදරයෙන් සැපට නිදන්
උදෑසනම අවදි වෙලා
අම්මා එක්ක එකතුවෙලා
පොල් ගාලා බත් උයලා
ගෙමිදුල අපේ අතු ගාලා
වැඩට ගොසින් වෙහෙසීලා
අපේ පවුල රැක දීලා
දෙවියෝ බුදුන් එකතු වෙලා
අප්පච්චි මගේ සුරකීවා ! 
----------
 
 
Suggested Tags: Fathers Day Wishes Sinhala, Fathers Day Wishes, Fathers Day Nisadas, Fathers Day Quotes Sinhala, Fathers Day SMS, Fathers Day WhatsApp Messages, Fathers Day Greetings, Happy Fathers Day Wishes, Father Quotes Sinhala, Appachchi Nisadas, Sinhala Wishes, Sinhala Quotes, Sinhala Greetings, Fathers Day Status Sinhala, Fathers Day Captions, Fathers Day Messages, Fathers Day Wishes for Dad, Fathers Day Wishes Sri Lanka, Fathers Day Facebook Status, Fathers Day Instagram Captions, Fathers Day Love Messages, Fathers Day Wishes in Sinhala, Fathers Day SMS Sinhala, Fathers Day WhatsApp Status, Fathers Day Card Messages.