❤️ Father's Day Wishes Sinhala | තාත්තාට සුභ පැතුම් ❤️

ජීවිතයේ පළමු වීරයා වන ආදරණීය තාත්තා වෙනුවෙන් Father's Day Wishes Sinhala, Sinhala Father's Day Wishes, Father's Day Nisadas Sinhala, Sinhala Quotes for Father සහ හදවතට දැනෙන Father Day Messages Sinhala එකතුවක් අප වෙබ් අඩවියෙන් කියවන්න.

තාත්තාට සුභ පැතුම් යැවීමට, Facebook Post, WhatsApp Message, Greeting Card හෝ SMS සඳහා සුදුසුම Father's Day Greetings Sri Lanka එකතුව දැන් ලබාගන්න. අලුත්ම Sinhala Wishes 2026, Father's Day Cards Sinhala, නිර්මාණාත්මක Sinhala Nisadas for Father සහ ආදරණීය Father's Day Wishes Sinhala පණිවිඩ රැසක් එක් තැනකින්.

🌐 Visit Now:
https://www.sinhalawishes.lk

✔ Father's Day Wishes Sinhala
✔ Sinhala Father's Day Wishes
✔ Father's Day Nisadas Sinhala
✔ තාත්තාට සුභ පැතුම්
✔ Father's Day Greetings Sri Lanka
✔ Sinhala Quotes for Father
✔ Father Day Messages Sinhala
✔ Sinhala Wishes
✔ Father's Day Cards Sinhala
✔ Sinhala Nisadas for Father

#FathersDay #FathersDayWishesSinhala #SinhalaFathersDayWishes #FathersDayNisadasSinhala #තාත්තාටසුභපැතුම් #SinhalaQuotesForFather #FatherDayMessagesSinhala #SinhalaWishes #FathersDayCardsSinhala #SinhalaNisadasForFather #SinhalaWishes #SriLanka

------------

🌺මහමෙරකි නුඹ තාත්තේ...🌺
කිරි සිනහවක් ලොවට දෙන්නට
අම්මගේ ඇස් සිහින මැව්වා...
තාත්තේ නුඹ මාව දීලා
ඇගේ සිහිනෙට ජීවේ පෙව්වා...
ගතේ දහදිය මිලට පෙරළා
මවගෙ ළමැද ට යටින් සඟවා..
නුඹයි මට පෝෂණය දුන්නේ
අම්මගේ සෙනෙහසෙහි තවරා...
කඳුළු ඇස් පිය යටින් සඟවා
සතුටු මල්කෙමි මවෙත දුන්නා...
රහම දේවල් දෙතොල රන්දා
ඒ සතුට රහසේම වින්දා...
වැටුණු තැන්වල නැගිටුවා මා
දෑත දී යළි සිනහා දුන්නා...
සොබාදහමට ආලවන්ත ව
ප්රේමයේ තතු කියා දුන්නා...
අනාගතයට පාර පෙන්නා
හීන පොකුරට අරුත් දුන්නා...
"තාත්තා" යනු "මහමෙරක්" බව
නිහඬවම නුඹ කියා දුන්නා...
------
 
❤👇මගේ ජීවිතේ පලමු ආදරවන්තයා මගේ තාත්තා... ඒ වගේම හැම ගැහැනු දරුවෙක්ම තමන්ගේ තාත්තා ඔයාගෙ පලමු ආදවන්තයා කරගන්න... ඒක 👌
👇මගේ ආදර පියතුමාගෙ නම SARATH
S - Strong 💪
A - Active 🐎
R - Respectful 🌞
A - Amazing👌🤴
T - Talented 🌍
H - Handsome 👑👨‍👩‍👧‍👦💗
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලේ දහඩියට කරගැට මල් හිනැහිලා...
කදුලු සමග නැති බැරිකම් පොර බදිනා...
වේලක්වත් බඩගින්නේ නෑ තියලා...
මගෙ අප්පච්චි මට හැම සැප ගෙනවිල්ලා...😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාමත් මගේ ලෝකෙ මම දැකපු හීන පාට කරන්න මට අත්වැලක් වුනේ මගෙ තාත්තා... අසීමිත සෙනෙහස ලෝබ නැතුව මට දුන්, මගේ සෙවනැල්ල හා සමවෙමින් මගේ ලග සිටියේ ඔබයි. මගෙ ලෝකෙ වීරයා..❤ මගෙ ලෝකෙ මට ජීවය ලබා දෙන හිරු 🌞 මගෙ ලෝකෙ මම දුටුව ආදරනීය හදවත හිමි අපූරු මිනිසා, ඒ මගේ ආදරණීය තාත්තා. ආදරෙයි මං මහ ගොඩා..ක්. මගේ ආයුශත් අරන් ජීවත්වන්නට හැකිවේවා..!🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පෙර භවයෙ කල අමිල පින රැගෙන මා...
වින්දා ඔබෙ සෙනෙහස මම නැහැ නිම්මා...
හැමටම ලැබෙන්න මගෙ පියතුමා වැන්නා...
මතු සසරෙත් ආසයි ඔබෙ දූ වෙන්නා...
❤😘*-*-*-*-මෙලොව සිටින සියලූම පියවරුන් හට සුබම සුබ පියවරුන්ගේ දිනයක් වේවා!.....*-*-*-*-*-*-*❤😘
Happy fathers day ❤😘❤
 
----------
 

 
 
💗ඇවිත් දවසක් ඉදලා යනවද තාත්තාගේ තුරුලෙ සැතපී....💗
කාත් කවුරුත් නොමැති නිවසේ
තනිව සිටිනා විටදි දැනෙනා
දරාගන්නට නොහැකි තනිකම
මකන්නට පොඩි පුතා ඒවිද...
උදෑසන පුතු අවදිවීලා
කලබලෙන් පාසලට යන්නට
මේස් කුට්ටම අතේ අරගෙන
මගේ තුරුලට දුවන් ආවේ...
සාලෙ හැමතැන පුතුගෙ චායා
දුවනවා කෑ ගසා දග පුතු
දුවන පුතු පසු පසින් දුවනා
ඇගේ චායා රුවත් මැවෙනා....
සුදු පුතා මගෙ පුංචි කාලේ
අම්මා තුරුලේ නිදි නොයද්දී
මගේ ලය දෑතින් බදාගෙන
නිදාගත්තා පුතුට මතකද....
සරසවියෙ තතු සුන්දරද පුතු
ඇමතුමක් දී කියනවද මතු
නුබට නොකියන පිය සෙනේ පුතු
හද පතුලෙ කකියනු දැනේ....
නිවාඩුවකට පුතේ එනවද
මේ පාලු ගෙය එලිය කෙරුමට
ඇවිත් දවසක් ඉදලා යනවද
තාත්තාගේ තුරුලෙ සැතපී..... 
---------
 
මගෙ ලොවට පැයු හිරුයි නුඹ..
එලිය කරනට මගෙ දිවිමග...
නමුදු ඔබෙ රුව සැගවිලා ඇත අද ....
හිස් අහස් කුස වලාවන් අතර මැද
නුඹෙන් ලද ජිවිතය ...
නුඹෙන් ලද ආදරය ...
සිහිවෙනා හැමවිටම
එන්න ඇත්නම් නුඹෙ thurulata...
Hithenawa සිය දහස් වර මට... 
----------
 
එකපාදයක් නැතුව
රැයක් දවාලක් නැතුව
වෙහසවි නිදි නිදි නැතුව
රැක්කා අපිව අග හිගකම් නැතුව...
අද අපේ වාරයයි ඔබව රැක ගැන්ම අප සතුව
කතරක මම තනිව
අඩනා ඔබ සිහිව...
අපට මග සදන්නට
ඔබ මොනවා නොකරන්ට
එද්දි අද මතකයට
බැහැ හිතට වාවන්ට..
ඔබ කියාදුන්න මග
නිසි පරිදි ගෙවන්නට
ඔබ අපේ හයියට
ලගින් ඉනුමැන
සියක් ආයු ලැබ!!!! 
----------
 
ජීවිතයෙන් නෙක පැතුම් අතරින්
පිටු පුරා ඇඳි නේක පදරුත්
සෙනෙහසින් ජීවන ගඟේ නුඹ
පා කළා මගේ තාත්තේ
පියෙකු මිතුරෙකු සොහොයුරෙකු ලෙස
විටින් විට සිත් සතන් අමතන
වදන් වී අප පිබිදුවාලූ
අසිරිමත් මගේ තාත්තේ
හයක් හතරක් නොතේරෙන
අවධියේ සිට අප දෑස් පාදන
කැපකළා නුඹ නුඹේ කාලය
අප නිසා නුඹ තාත්තේ
බැනුම් දඬුවම් මල් මිටක් ලෙස
දැනෙනවා අද එදා මෙන් නොව
වඳින්නෙමි නුඹෙ දෙපා බැතියෙන්
දිගාසිරි මගේ තාත්තේ.... 
---------
 
හෝයියා කියාගෙන මාළු දැල් අදින
ජහ් පුතා කිය කියා ට්රැක්ටරේ දක්කන
කිණිහිරේ රත් වෙන්න යකඩගොඩ තලන
මේ පෝයටත් පෙරහැරේ වෙස් නටන
එකයි දෙකයි තුනයි කියලා වතුර යට එබෙන
තුනයි හතරයි පහයි වැලි පනිට්ටුව උඩට
හයයි හතයි අටයි කඩපු පොල් ගස් ගණින
අටට නවයට දහයට හෙට දවස ගැන හිතන
ප්රාඩෝ වලින් බහින
මීටින් අස්සෙ තෙරපුන
අදහස් උදහස් විදගෙන
මොලේ කඩ කඩ විකුණන
ලී කුඩු පිරී හැඩවුණ
කියතින් දවස ඉර ඉර
සිමෙන්ති අනාගෙන
ජීවිතේ පඩි බැද බැද
අව්වටත් වැස්සටත් මුට්ටයක් ඉහලගෙන
ගෙයි මුදුන් යටි ලීයේ බරට කර ගහගෙන
අතු කපා රහින ෆැක්ටරියේ වැඩ කරන
ඉස්පිරිතාලයේ මිනී දෙක තුන අදින
කන්තෝරුවේ සටනක
පා පුවරුවේ දිවි ගමනක
මෙකී නොකී දුක් විදින
දරුවො පොහොසත් කරන
තාත්තේ,
මගේ තාත්තට වාගෙම
කිරුළු පළදවමි ඔබට
සිය දහස් පුංචි සාවියන් සුවෙන් සැතපුන සද මඩල නුබ,
බරැති හුස්මෙන් වානේ කදන් පන පෙව්වේ නුබ...