''ජය මංගල ගී හඬ මැද්දේ
හිනැහෙයි දෙහදක් සිත් සතුට
සුභ නැකතින් අතැඟිලි බැඳුනේ
ඉන්නයි සැමදා ලංවී
මල් මාවත වෙත පියනගලා
සතුටයි සාමෙයි ජය පතලා
සුභපතමු එක්වීලා ආසිරි ගී ගයලා.....''
අලුත් ජීවිතයට සුභපැතුම්
------
 
මගේ ජීවිතයේ සුන්දරම දිනයක මම ගොඩක්ම ආදරය කරන ,ගරු කරන සහෘදයෙක්ගේ ආදරණීය මොහොතක නොමැකෙන මතකයක් වන්නට ලැබීමම අපමණ සතුටක්......
ඔබ දෙපලටම අපේ හ්රදයාංගම සුභපැතුම්.....
ආදරෙයි
------
 
ඔයා බලාගෙන හිටපු ඒ දවස.
ඔයාගේ මහන්සියට වටිනාකමක් අද දවසේ ලැබෙනවා .
මේක තමා ඔයාගෙ දෙවෙනි මංගල දිනේ.....
ඔයාට උණුසුම් සුභපැතුම්..👊👊💐
ජීවීතේ දිනන, පැරදෙන හැමවේලේම අපි එකටම ඉමු.
ආදරෙයි මගේ සූටි මැණික 😘❤️ 
------

පැතූ දවස අද මාගේ
කෙරූ පෙමට
අරුතක් එක්වී
නුඹ මා කැන්දන් යනවා
..හීන අපේ සැබෑ වී
මංගල සුභපැතුම් එක්වී
අප අපේම වී අද දිනේ
එක වහලක් යට
හුස්ම විදින්නට
යමි මා නුඹ හා එක්වී
------
 
සුභාසිරි මංගල යෝජනා හරහා නොබෝ දිනකදී යුග දිවියට පිවිසි ඔබ දෙදෙනාට අපගේ උණුසුම් සුභපැතුම් !
සතුට සාමය සපිරි සුභ අනාගතයක් වේවා !
------
 
''ජය මංගල ගී හඬ මැද්දේ
හිනැහෙයි දෙහදක් සිත් සතුටේ
සුභ නැකතින් අතැඟිලි බැඳුනේ
ඉන්නයි සැමදා ලංවී
මල් මාවත වෙත පියනගලා
සතුටයි සාමෙයි ජය පතලා
සුභපතමු එක්වීලා ආසිරි ගී ගයලා.....''
අලුත් ජීවිතයට හදපිරි සුභපැතුම්
-------
 
හෙළ සිරිතෙන් යුගදිවියට,
ඔබව කැන්දන් යමි මම.
යෙහෙලියක් වූ ඇය,
ජිවිතේ සහකාරිය අද..
------