සාරෙ සාරමතිනො
සාරෙ චා'සාරදසසිනො
තෙ සාරං නාධිගච්ජනති
මිචජා සංකපප ගොචරා
යම් කෙනෙක් වැදගත් නොවු නිසරු අදහස් වල හරයක් ඇතැයි සිතත් ද, සාරවත් ධර්මයන් නිසරු කොට සලකත් ද, වැරදි අදහස් වලට ගොදුරු වූ ඔහුවු මාර්ග ඵලාදි සාරය නොලබති..
ධම්ම පදය - යමක වග්ගය
බිනර පුර පසොළොස්වක පෝහෝ දිනයක් වේවා
Binara Full Paya Day 
------ 

අන්දකාරයෙන් ආලෝකය උදාවන...
දැවෙන සිත් නිවෙන...
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනක් වේවා !!
------
 
මෝහාන්ද කාර දුරුවී
ධර්මාලෝකයෙන් සිත් සතන්
ආලෝක මත් වේවා)...🙏❤️☸️😍
*හැමෝටම පින්බර බිනර පෝය දිනයක් වේවා*..🙏❤️
!Have A Blessed Binara Poya Day!
The Beginning of the bhikkuni sasanaya Was Also Recorded on Binara Full Moon Poya Day..!🙏☸️ 
------
 
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර පොහොය දිනයක් වේවා!🙏
Have a blessed Binara full moon Poya day
------
 
භික්ෂුණී සසුනේ ආරම්භයත් සහ තපස්සු භල්ලුක වෙළෙඳුන් විසින් සම්බුදු පියාණන්ගේ කේශ ධාතූ තැම්පත් කොට ගිරිහඬු සෑය තැනවීමත් වැනි උතුම් කරුණු රැසක් සිදුවූ බිනර පොහොය බැති සිතින් සමරමු.
-------
 
මෙහෙණී සසුනේ ආරම්භය සිදුවූ
බිනර පුර පසළොස්වක පෝය අදයි
පින්බර බිනර පොහෝ දිනයක් වේවා!
-------
 
ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පිංබර බිනර පුන් පොහෝ දිනයක් වේවා
මාගේ පිංවත් කළණ මිතුරු
මිතුරියන් සැමටම .!

නිදුක් නීරෝගි සුව ලැබේවා .!
දිර්ඝායු වේවා .!
කායික මානසික සුවය ලැබේවා .!
උතුම් තුනුරුවනේ ආශිර්වාදය
රැකවරණය ලැබේවා .!

සාදු සාදු සාදු .!!!
🙏🙏🙏

🏵️ පිංබර බිනර පුන් පොහෝ දින සිදු වූ
සුවිශේෂී සිදුවීම් .

♦️ අප තුන්ලෝකාග්ර වූ අමාමෑණී
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්
වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වස්
කාලය වැඩ විසූ විශාලා මහනුවර
උතුම් කූඨාගාර ශාලාවට සපැමිණි
මහා ප්රජාපතී ගෝතමී දේවිය ඇතුළු
ශාක්ය වංශික කුමාරිකාවන්
පන්සියයක් පිරිස උතුම් පැවිදි දිවියට
ඇතුළු වීමට අවසර පැතීම .

♦️ අෂ්ඨ ගරුධර්ම භාග්යවතුන්
වහන්සේගෙන් විමසා ආනන්ද තෙරුන්
වහන්සේ විසින් එය මහා ප්රජාපතී
ගෝතමී දේවිය ඇතුළු කුමාරිකාවන්
පිරිසට පහදා දීමෙන් අනතුරුව එම
අෂ්ඨ ගරුධර්ම හිස් මුදුණින් පිළිගෙන
ආරක්ෂා කරන බවට ප්රතිඣා ලබා දීම .

♦️ සම්බුද්ධ ශාසනයේ ⁣උතුම් මෙහෙණි
සසුන ආරම්භ වීම .

♦️ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්
විසින් උතුම් ගිරිහඩු සෑ රජාණන්
වහන්සේ ඉදිකිරීම .

♦️ උතුම් ලළාඨ ධතූන් වහන්සේ තැන්පත්
කොට උතුම් මංගල මහා සෑ රජාණන්
වහන්සේ ඉදිකිරීම .




සාදු සාදු සාදු .!!!
🙏🙏🙏

මෙබදු උතුම් සිදුවීම් රැසක් සිදුවූ වනිතාවනට සසුන් දොර විවර වූ බෞද්ධ වනිතාවන්ට උතුම් සම්බුදු සසුනෙහි ලෝකෝත්තර සැනසුම උදා වූ අද වැනි උතුම් බිනර පුන් පොහෝ දිනයේදී අප සැමදෙනාම ප්රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් මෙම උතුම් දිනය ගත කිරීමට අදිටන් කර ගනිමු .

සම්මා සම්බුදු සරණයි මාගේ පිංවත් කළණ මිතුරු මිතුරියන් සැමටම .!
උතුම් ජය ශ්රී මහා බෝධීන්
වහන්සේගේ පිහිටයි .!
උතුම් නිවනින් සැනසීම ලබත්වා .!

Binara Full Moon Poya Day .
Namo Buddhaya .!

 

ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා!!!🙏
බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් මුල්කරගනිමින් බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්රජාපතී ගෝතමිය ප්රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත වන්නේ බිනර පොහෝ දිනයි. පැවිද්ද අවශ්ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදුරදුන් ප්රකාශ කළ අතර එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීමට මහා ප්රජාපතී ගෝතමියට හැකි විය.
අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන සමය බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කළේය. මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්රචාරයේ ආරම්භයත් මේ කාලය තුළ දී සිදුවී තිබේ.
සියලු ශ්රී ලාංකිකයන් හට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු හා බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කම් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමයි.
පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්රතිපත්ති පූජා රැසක් පැවැත්වෙයි.
 ------