සුභ ලෝක ළමා දිනයක් වේවා !!!!
Childhood is An enchanting vista, An endless fun, A joyful classroom, An experience, An era of imagination, An artistic journey, An ode to love, and A happy moment, Happy Children’s Day!
------
 
 
ලෝක ළමා දිනය එක එක රටවල් සමරන්නේ එක එක දවස්වලට. ශ්රී ලංකාවේ අපි ලෝක ළමා දිනය සමරන්නේ හැම අවුරුද්දකම ඔක්තෝබර් 1 වැනිදා.
දරුවෝ කියන්නේ හරියට ස්වර්ගයෙන් මේ ලෝකෙට තෑගි කරපු මල් වගෙයි කියලා මම කොහෙදි හරි තැනක කියවලා තියෙනවා. මේ ලෝකේ තියෙන වටිනම දේ දරුවෙකුගේ මුහුණේ ඇඳෙන හිනාව කියලා මම තදින්ම විශ්වාස කරනවා. ඒත් දරුවන්ගේ මුහුණට ඒ හිනාව රැගෙන ඒමේ භාරදූර කාර්යය තියෙන්නේ වැඩිහිටියන් වන අපේ අතේ.
ලෝකේ කිසිම දරුවෙකුට වැඩිහිටියෙකුට හිමිවන නීතිමය අයිතිවාසිකම් හිමිවෙන්නේ නැහැ. ඒකේ තේරුම තමයි ඔවුන් ජීවත් වෙන විදිහ ඔවුන්ට තීරණය කරන්න බැහැ. ඔවුන් කන්න ඕනේ මොනවද? ඉගෙන ගන්න ඕනේ මොනවද? වගේම ඔවුන් ජීවත් වෙන්න ඕනේ මොන විදිහටද? කියන කාරණා තීරණය කිරීමේ බලය තියෙන්නේ වැඩිහිටියන් වන අපේ අතේ. අන්න ඒ නිසා තමයි ළමයින්ව ආරක්ෂා කරන්න වෙනම නීති පද්ධතියක් සකස් කරලා තියෙන්නේ. හැබැයි ඒ නීති පද්ධතිය වුණත් ක්රියාත්මක කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ අපිට.
අපේ අපේක්ෂාවන් සහ ප්රීතිමත් අනාගතය පිළිබඳ සිහින හෙට දිනයට රැගෙන යන්නේ අපේ දරුවෝ. ඒ නිසා පුලුවන් හැම වෙලාවකම “සිතිය යුතු දේ” ට වඩා “සිතිය යුතු ආකාරය” ගැන දරුවන්ට කියා දෙන්න. මොකද දවසක ගහක් ලොකු වෙන ආකාරය තීරණය වෙන්නේ බීජ පැළකරන විදිහ අනුව.
ඉතිං ළමයින්ට කරුණාවන්ත වෙන්න, මගේ පුතාට වගේම මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම ප්රීතිමත් ළමා දිනයක් වේවා...
-------
 

දුල පුතාල හැමෝටම සුබ ළමා දිනයක් වේවා ❤️🙏
Happy Children's Day 💖 
------

සුභ ලෝක ළමා දිනයක් වේවා!
හිනැහෙන්න අත වනන තැන තැන
සමහරක් මල් කඳුකරේ ඇති
ගිගුම් කන විට ඉරි තලාගෙන
ගොඩට එන බිම් මල් සැඟව ඇති
තදට වැසි දින, ඝනට මීදුම
තිබුණාට දිග හැරෙනු ඇත පෙති
තෙත බරිත හොර මල් බිමට මිස
සුළගෙ හැඩ දා ඉඟිලුණේ නැති
රෝස ඩේලියා වලට වැඩියෙන්
රස මවන නියඟලා මල් ඇති
ප්රාණ වායුව බේරගන්නට
අලය ඔය හැටි විස වෙලා ඇති
තවත් රහසේ පිපී මියැදෙති
කාත් කවුරුත් නොදුටු මල් ඉති
වෙර දරන නටුවකට හිරු වී
පුබුදවමු මල් තවම නම් නැති
------
 

 
 
ලෝක ළමා දිනයට පුංචි මල් කැකුලු වලට සතුට පිරි ළමා දිනයක් වේවා..
වැඩිහිටි දිනයත් අමතක නෑ.සියලුම වැඩිහිටියන් ,පුංචි මල් කැකුලු වගේ ලමයින් නිදුක් නිරෝගි සුවය ලැබේවා..💜 
------