Sinhala Niwan Suwa Labewa Wishes, Nivan Suva Labeva Wordings, Sinhala Funeral Banner Quotes | නිවන් සුව ලැබේවා...!

 

සුවද කුසුමක,
මිලින මතකය,
රැගෙන ඔබ ගිය මාවතේ,
පුලින කැට මත,
කුසුම් පෙති මත,
ඔබේ රුව ඇදී,
කදුලු බිදුවක,
නිවුනු තරුවක,
සිදුනු නදියක,
මතක පොකුරක,
කදුලු බිදුවකි, ඉතිරි වූයේ...
උපදිනා හැම බවෙක, සිනා පුරවා මදහසින්,
සසර කෙළවර මෙතේ බුදුන් ලග,
නිවන් පසක් වේවා...! 

-----

suwadha kusumaka,
milina mathakaya,
raegena oba giya maawathee,
pulina kaeta matha,
kusum pethi matha,
obee ruwa aedhii,
kadhulu bidhuwaka,
niwunu tharuwaka,
sidhunu nadhiyaka,
mathaka pokuraka,
kadhulu bidhuwaki, ithiri wuuyee...
upadhinaa haema baweka, sinaa purawaa madhahasin,
sasara keLawara methee budhun laga,
niwan pasak weewaa...!

-----

ඔබ ගැන කව් සීපද වදන් වැල් අමුණන්න..
පිය තුමතණි මා හට නොහැක කෙතරම් තැතක් දැරුවත්..
සිත පුරා ගත පුරා නුඹ සිටියා නිරතුරුව
ගතින ඔබ වෙන්ව ඇත.. සිතට දැඩි සේ කාවැදී ඇත... ඔබට පිං බොහොම පිං...
නිවන් සුව ලැබේවා මා පිය තුමතණි....
------
 
 
වේදනා බර නොනිදු අප නෙත්
මදක් විවරව බලන හැම විට
හදවතේ ඇති නුබේ මතකය
බල කරන්නෙම නුබව සෙව්මට...
අනේ චුට්ටක් වැසුන නුබෙ නෙත්
විවර කරමින් මදක් බලපන්
වාවගන්නට බැරිව ලත වෙන
නුබේ ගුණයට පෙම් බැන්ද උන්..
අහස් ගව්වක සිහින සිරකර
ජීවිතය වෙත පිය නගන්නට
සිතුව විතරයි නේද තව නුඹ
හිත කියන විට කොහොම ඉන්නද
උබ ආයෙමත් එන්නෙ නැති වග..
නුබ හා ගෙතුන මතක රැදි පෙර දිනක
කදුලක සිසිල සුසුමින් වියලිය නොහැක
නුඹ හා හමුව ගෙවු ඒ දින කිහිපයක
සසරක මතක ලඝු වී ලිය වෙයි කවක..
කියන්න වචන මට මහ ගොඩක් නෑ උඹට ආදරනීය ලසිත නිවන් සුව 🙏 
------

නුබ යන්න ගිහින් දුර ඈතක
එකට කාපු බීපු ජීවිතේ නිතරම හිනා වෙලා හිටපු උබ හුගක් ඉක්මනින්ම අපිව දාල යන්න ගිහින්.හිතා ගන්නවත් බෑ නිර්මල.තවමත් මට විස්වාස නෑ නිර්මල උබ අපෙන් ඈතට ගියා කියල.
හිතේ මතක ගොඩක් ඉතුරු කරල ගොඩක් ලොකු ගින්දරක් උබේ යාලුවන්ට ඉතුරු කරල උබ ගියේ හොදම හොද තැනකට කියල මට විස්වාසයි සහෝදරය.ඉතින් උබට සමුදෙනව ආදරණීය නිර්මලය.කවද හරි වෙන ආත්මයක අපි ආයෙත් යාලුවො වෙලා හමු වෙමු.ඉතින් නුබට නිවන් සුව ලැබේවා .... 
------