Sinhala Adara Nisadas Amma | Sinhala Nisadas For Loving Mother | Sinhala Nisadas For Adara Amma


අනෝරා වැහි ඇද හැලෙද්දී........
සැවොම සුවබර ලෙස නිදද්දී......
සීතලේ ඇඟපත ගැහෙද්දී.......
තනිව අම්මා අප වෙනුවෙන් නැහෙද්දී.....



ඉතා වෙහෙසී රසවත්ව අහර පිළියෙල කරන්නී......
නොකෑවොත් අපි , කෑම රසවත් නැතැයි
ඇයටම දොස් නඟන්නී.......
දිවා,රෑ නැතිව වෙනසක් දරුවන්ගෙ ලොව
හැඩකරන්නී......
ඇගේ දුක්,සුසුම් තනිව මුමුණා , නිහඬවම
විඳින්නී.......

අවලංගු කාසියක් බවට පත් වනතුරුම
දරු,මුණුබුරන් රකින්නී.......
දරුවන්ගෙ විපතකදි, සැමට පළමුව පෙරට
එන්නී.......
කරුණා,දයාවෙන් නිරතුරුව හදවත දුක නිවන්නී........
ජීවිතේ අවසන් වන තුරාවට දරුවන්ට හැම
සැප සදන්නී.......

අම්මා තරම් වටිනා වස්තුවක් නැත මේ ලොව තවත්........
ඇගේ ගුණ කඳ වයන්නට නම් ,මදිය සිංහල
හෝඩියත්.......
අම්මාව ඔබ නිරතුරුව ඔබෙ දෙඋර මත තබා
සැලකුවත්........
බැරිය ණය නම් ගෙවාගන්නට මුලු සසරටම
වෙහෙසුනත්........

දිලෙන පුර සඳ පවා පරදා සොමිගුණෙන් බැබලෙනා.......
පහන් තාරකාවක් සේම අපේ ලෝකයේ
දිදුලනා.......
අම්මා නැතිදාට ඇගෙ අගය වැඩියෙන් වැටහෙනා.......
මගේ අම්මා සේම සියලු අම්මාවරුන්ව තිස්තුන් කෝටියක් දෙවියන් රැකදෙනා..........