ඇත්තටම ආදරේ කරන උන්....❤️✌️
ආදරේ කියන්නේ පැය විසි හතරම
මල් කඩන එකටමද
තත්පරයක් ගානේ මැසේජ්
ටයිප් කරන එකටද
මාසෙන් මාසෙට ඇනිවසරි
සමරන එකටද
රෑ 12 ට හරියටම විශ් කරලා
වැලන්ටයින් සමරන එකටද
ලොකු තෑග්ගක් ගෙනත් උපන්දිනේට එයාව සර්ප්රයිස් කරන එකටද
හැමදාම GM, GN, කියන එකටද
මැණික, සුදූ, පැටියෝ, කියලා කතා කරන එකටද
තුන් වරුවටම කවලා පොවලා
නිදි කරවන එකටද
නීති දාහක් දාගෙන තමන් ලඟ
හිර කර ගන්න එකටද
හැමෝටම හොරෙන් රූම් එකක් අස්සේ
ආදරේ හොයන එකටද
පෝස්ට් ටැග් කරගෙන
ලෝකෙට පේන්න රඟන එකටද
කමෙන්ට් අස්සේ හැමෝටම පේන්න
ආදරේ බෙදා ගන්න එකටද
එකෙක්ව දාලා ගිහින් වෙන එකෙක් එක්ක
කලින් එකාට පේන්න රඟන එකටද
සුඛාන්තයකින් පටන්ගෙන දුඛාන්තයකින් ඉවර වෙන එකටද
නෑ බන්,
ආදරේ කියන්නේ
විශ්වාසයකට....❤️
කවදාවත් කඩ නොවෙන
අවබෝධයකට....❤️
මොනම හේතුවක් නිසාවත්
කැඩෙන්නේ නැති
බැඳීමකට.....❤️
තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන එකට
කොච්චර දුරක හිටියත්
හුස්මක් ගානෙම දැනෙන එකට....❤️
හැම හැඟීමක්ම කියන්නත් කලින්
හඳුනන එකට....❤️
සතුටෙදි වගේම දුකේදිත්
ලඟින්ම ඉන්න එකට....❤️
හැමදෙයක්ම එකවගේ
දරාගන්න එකට.....❤️
එහෙම ආදර කතා අදටත් තියෙනවා
වචනෙකින්වත් ආදරෙයි නොකියා
ආදරේ කරන උන් ඉන්නවා
හීනෙකින්වත් වැරැද්දක් නොකර
ඒ හිත වෙනුවෙන්ම පේ වෙච්ච උන් ඉන්නවා
කොච්චර රිද්දුවත් දාලා යන්නේ
නැති උන් ඉන්නවා
නීති රීති දාලා නෙවෙයි එහෙම නැතුවත්
එක හිතක් ලඟම නැවතුන උන් ඉන්නවා
දෙන්නගෙම කමැත්තෙන් හිත් කූඩු කරගෙන
උපරිම නිදහසක ජීවිතේ විඳින ආදර කතා අදටත් තියෙනවා
හැබැයි ගොඩක් අය දන්නේ නෑ
මොකද ඒ කතා ලෝකප්රසිද්ධ නෑ
ඇත්තටම ආදරේ කරන උන්ට
ලෝකෙට පේන්න රඟන්න වුවමනාවක් නෑ
මොකද එහෙම රඟන ගොඩක් අයගේ
ආදර කතාවල සතුටක් ඇත්තෙත් නෑ 👈